1. හාමුදුරු නැට්ට ?
හාමුදුරු නං සංඝ
නැට්ට නං බාව
සංඝබාව - ගංසභාව
2. පලයං බස්එක පතහට...
පලයං නං පෝ
බස් එක නං රිය
පතහ නං වල
පෝරියවල-වාරියපොල
3. පෙරේත ගොල්ල?
පෙරේත නං කෑදර
ගොල්ල නං අකුළ
කෑදර අකුළ-ආදර කැකුළ
4. පණහයි දහයයි ඔළුව තියෙන එක?
පණහයි දහයයි = හැට
ඔළුව තියෙන එක = කොට්ටෙ
හැට කොට්ටෙ - කොට හැට්ටෙ
5. බුලත් පුවක් හුණු දුංකොළ කොහොල්ල?
බුලත් පුවක් හුණු දුංකොළ= විට
කොහොල්ල=ඇළියා
විට ඇළියා - ඇට විළියා
thun theravili, තුන් තේරවිලි ,සිංහල කතාල,