Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

වාස් ගුණවර්ධනගේ බිරිඳ රාජකාරියට බාධා කරනවා - පොලීසිය  

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 9 අඟහරුවාදා - 14:08 GMT

Vaas Gunawardene's wife, Shyamali Perera arriving at court (file photo)
වාස් ගුණවර්ධනගේ බිරිඳ පරීක්ෂණවලට බාධා කරන බව රහස් පොලිසිය පවසයි
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන පරීක්ෂණවලට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ බාධා කරන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතනය පිලිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත් රවිඳු ගුණවර්ධනට එරෙහිව ද ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබෙන බැවින් ඔහු ද මෙම නඩුවේ සැකකරුවෙකු බවයි.
ඔහු අත් අඩංගුවට ගැනීම පිණිස ඔහුගේ නිවසට ගිය අවස්ථා තුනේදීම, සැකකරුගේ මව සිය රාජකාරියට බාධා කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාලව රහස් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන පනත් දෙකම යොදා ගැනීම නීති විරෝධී බවට චෝදනා කල විත්තියේ නීතීඥයෝ, පරීක්‍ෂණ සඳහා අවශ්‍ය නම් සැකකාර රවිඳු ගුණවර්ධන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කළහ.
වාස් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් 2009 වසරේදී තම පුතු පැහැර ගෙන ගොස් ඝාතනය කල බවට එහි පැමිණ සිටි කාන්තාවක් හදිසියේම කෑගසන්නට වීමත් සමඟම නඩු විභාගය අවසානයේදී අධිකරණ භූමිය තුල උණුසුම් වාතාවරණයක් හට ගත්තේය.
අදාළ නඩුව ලබන 19 වන දින නැවත කැඳවීමට තීරණය කල අධිකරණය, එදිනට කවර පනතක් යටතේ මෙම නඩු විභාගය පවත්වන්නේ දැයි අධිකරණය දැනුවත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.