Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

ප්‍රථම ප්‍රේමය ගැන ලෝචනා ඉමාෂි කියයි

ආදරයේ පළමුවන චමත්කාර අත්දැකීම් ජීවිතය පුරා විහිදෙන්නකි. ඒ ආදරය බොහෝ දෙනා සිත යට රඳවද්දී එය යළි යළිත් සිහිපත් කරන්නන් එමටය. අලුත් පරම්පරාවේ ඔබේ හද දිනූ තරු ජීවිතයේ මුල්ම ප්‍රේම කතාව පිළිබඳ සිහිපත් කරන සුන්දර අත්දැකීම් අද සිට ‘සරසවිය’ පත් ඉරු මත මෙසේ සටහන් වේ.
ලෝචනා ඉමාෂි සිය ප්‍රථම ප්‍රේමය පිළිබඳ මතකය අවදි කළේ මෙලෙසිනි.
* ඔබ ජීවිතය පිළිබද හිතන්නේ කොහොමද?
ජීවිතය ඉතාම හොඳින් සතුටින්, ෆන් එකෙන් ගත කරනවා. ඒ වගේම ජීවිතය පිළිබඳ හිතනකොට තමන්ගේ අනාගතය ගැන වර්තමානය ගැන විශේෂයි. මම ඒ කාල දෙක ගැන වැඩිපුර හිතන, සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. නමුත් අතීතය අමතක කළ කෙනෙක්.
* ඒ විදියට අතීතය අමතක කරන්න පුළුවන්ද?
ඔව්.මට පුළුවන්. මොකද සමහර තැන් තිබෙනවා අමතක වෙන්නේ නැති ඒවා. නමුත් මම නිතර උත්සාහ කරන්නේ අතීතය අමතක කරලා ජීවත් වෙන්නයි. මගේ අතින් වැරැද්දක් වුණා නම් ඒක ආයෙත් මතක් කර කර ඉන්න කැමැති නැහැ. අනිත් එක ඒක මගේ හිතට හරි කරදරයක්. ඒ නිසා මම ඔක්කෝම අමතක කරලා එන දෙයකට මුහුණ දෙනවා.

* ආදරය අර්ථ දක්වන්නේ කොහොමද?
මම ආදරයට ආදරය කරන කෙනෙක්. අපි කිසිම කෙනෙකුට ආදරය නැතිව ජීවත් වෙන්න බෑ. නිවෙසේ සිටින සියලු දෙනාගේ වගේම මගේ ලවර්ගේ ආදරයත් මට අවශ්‍යයි.
* ඒ කියන්නේ ඔබ ආදරවන්තියක්?
ඔව්. මම ආදරවන්තියක්.
* ඔහුගේ නම කියන්න කැමැති ද?
ඒක දැන්ම කියන්න බෑ.
* ඔබගේ ප්‍රථම ප්‍රේමය ද ඒ?
නෑ.
* ඔබට ප්‍රථම ප්‍රේමය ගැන මොකද සිතෙන්නේ?
ප්‍රථම ප්‍රේමය ඒ කාලයට හොඳයි. දැන් ඒ ගැන මම හිතන්නේවත් නෑ. ඇත්තටම ඒ ප්‍රේමය මට අමතකයි.
* කොහොමද එයාව ඔබට මුලින්ම මුණ ගැසුණේ?
අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක්ගේ පාටියකදියි ඔහු මට මුණ ගැසෙන්නේ. මාව මුලින්ම ඔහු දකින්නේ එතැනදි.
* ආදරෙයි කියලා කිව්වේ කවුද?
ඔහු තමයි මට ආදරෙයි කියලා කිව්වේ. නමුත් පාටියේදී මාව දැක්ක දවසෙදි නෙවෙයි. ගොඩක් කාලයකට පස්සෙයි.
* එයා ඔයාට ආදරෙයි කියලා කිව්ව දවස මතකද?
ඒක හරියටම මතක නෑ. මොකද මම ඒ ගැන නැවත නැවත මතක් කරන්නේ නැති නිසා වගේම ඒ අතීතය මම අමතක කරලා තිබෙන නිසා.
* ඔයාට පළමුවෙන්ම දුන්න තෑග්ග මතකද?
තෑගි නම් දීලා තිබෙනවා. ඒක මට මතක නෑ. එයා මට ඒ දුන්න තෑගි සියලු දේ ආපහු මම එයාට දුන්නා.
* ඔබ ඔය කියන්නේ ඔබගේ ජීවිතයේ පළමු පෙම්වතාගෙන් ලැබුණු තෑග්ග කොහොත්ම මතක නෑ කියන එකද?
දුන්න පළමු තෑග්ග මොකක්ද කියලයි මට මතක නැත්තේ. තෑගි දීලා තිබෙනවා. යන්තමට මතක විදියට ටෙඩි බෙයාර් කෙනෙකුයි, බ්‍රේස්ලට් එකක් ද කොහෙද? මට හරියට ඒක මතක නෑ.
* ඔයාගේ මොන වගේ දේවල්වලට ද ඔහු ආදරය කළේ?
එහෙම විශේෂ දෙයක් ඔහු මට කියලා නෑ. දැන් මම මේ විදියට කටකාර, දඟකාර කෙනෙක් වුණාට ඒ කාලයේ මම අහිංසක කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක මම කතාබහ කරනවා. මම හිතන දෙයක් තමයි, අපට කරදර අඩු වෙන්නේ අපි ළඟ සිටින අයත් සමඟ කතාබහ කරලා සුහදව ඉන්න නිසා කියන කාරණය.
* ආදරය කරන කොට ඔයාට වයස කීයක් විතර ඇත්ද?
ඉස්කෝලෙන් අයින් වෙනවාත් එක්කමයි මම ආදරය කළේ. මම හිතන්නේ මට වයස 19 ක් විතර ඇති ඒ වෙනකොට.
* ආදරය කළේ ගෙදරට හොරෙන්ද?
අපේ ආදරය ගෙදර දැනගෙන හිටියා.
* ඔයා ගැන මොන වගේ අදහසක් ද එයාට තිබුණේ?
ඔහු විතරක් නෙමයි, මගේ දැන් පෙම්වතා වුණත් කියන කාරණයක් තිබෙනවා. මම ගොඩක් වෙලාවට බොහොම විවෘත කෙනෙක්. උදේ පටන් හවස දක්වා දවසේ සිද්ධ වෙන හැම දෙයක්ම මම කියවගෙන යන කෙනෙක්. ඒකට ඒ අය බොහොම කැමැතියි.
* ඔයාගේ පළමු පෙම්වතාට ආදරේ කළේ මොන වගේ හේතු නිසාද?
මම එයාගේ මතක සියල්ල අමතක කරලා තිබෙන්නේ. මට එයාගේ හොඳ වැඩ එකක්වත් මතක නෑ. මොකද මම එයාගේ නරක දැක්කනේ.
* ඔයාගේ ප්‍රථම ප්‍රේමයට මොකද වුණේ?
අපි දෙන්නා අතරට තුන්වැන්නියෙක් ආවා. අපි දෙන්නාගේ සම්බන්ධය තියෙද්දි එයා වෙන කෙනෙක් සමඟ සම්බන්ධයක් ආරම්භ කරලා තිබුණා. නමුත් ඔහු එහෙම කරලා තිබුණේ මාව ඔහුට නැති කර ගන්න නෙමෙයි. මට ඒ සම්බන්ධය පිළිබඳ ආරංචි වුණාට පස්සේ මගේ සම්බන්ධය නැවැත්තුවා. මට ඒ වගේ කෙනෙක්ගෙන් වැඩක් නැති නිසා. එයා පස්සේ වැරැද්ද තේරුම් ගත්තත් මම එයාට කැමැති වුණේ නැහැ. එයා කියලා තිබුණා මම කරගත්ත ලොකුම මෝඩකමක් කියලා. දෙන්නත් එක්කම කතා කරලා එකඟත්වයට ඇවිත් අපි වෙන් වුණා.
* ඔබ දැන් ආදරය කරන කෙනාට මේ සියලු විස්තර කියල ද තියෙන්නේ?
ඔව්. මම එයාට ඒ හැම දෙයක්ම කියලා නිරාකරණය කරගෙන තිබෙන්නේ. මොකද මගේ අතේ කිසිම වැරැද්දක් නැති නිසා මම චුට්ටක්වත් බය නැහැ.
* ආදරයක් නැතිව ඉන්න බැරිද?
මට ආදරය නම් ඕනෑ. කතාබහ කරන්න ඕනෑ. මම කතාබහ කරන්න ආසයි. මට ආදරයෙන් කතා කරන එකට බොහොම ආසයි. ඒ නිසා මට ආදරය ඕනෑ.

0 comments

Post a Comment