මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුහු ඊයේ (23 දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.
මහජන බැංකුවේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ශබ්ද කෝෂයක් සහ ලැප්ටොප් පරිගණකය බැගින් ද ප්රදානය කෙරිණි.
අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ තත්සරණී අමායා, ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අදිත වීරසිරි ඩයස්, වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ එරන්දි කාංචනා, කලා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මෙත්සරණී ලොකුගේ, තොරතුරු තාක්ෂණ අංශයෙන් පළමු ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ දුනීෂා තරංගි ප්‍රනාන්දු යන සිසු සිසුවියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, මහජන බැංකුවේ සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.
ඡායාරූපය - සුදත් සිල්වා
Saturday, December 28, 2013 at 10:00:00 AM GMT+5:30
ලකුනු දාගන්න කරන වැඩ