කලා
ලෝකයට හැමදාම වගේ අලුත් මුහුණු එකතු වෙනවා. එහෙම එන සමහර අය අද
ඇවිත් හෙට නැතිවෙලා යනවා. ඒ අතරින් බොහෝම ටික දෙනෙකුට තමයි
මෙහි රැඳී ඉන්න පුළුවන් වෙන්නේ. අපිට හිතෙන විදිහට එහි රහස
තමයි කැපවීම සහ ඉවසීම. අපි අද හඳුන්වලා දෙන්න යන හිරුණිත් එහෙම
ඉවසීමකින් මේ ගමන යන්න හදන කෙනෙක් ලෙස තමයි හැඟෙන්නේ. අවුරුදු
තුන හතරක් වන ඇගේ කලා ජීවිතයේ මේ වන විට ඇය බොහොම හෙමින්
පියවරෙන් පියවර පුංචි ගමනක් ඉදිරියට ඇවිත් තියෙනවා.
පසුගිය දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වුණු "කෝරලේ මහත්තයා"
හි බිනරිගේ චරිතය රඟපෑවේ හිsරුණි. සමහර විට එම චරිතය ඔබට මතක
ඇති. ඒ වගේම තමයි පබා, නිල් නෙතු, අලුපාට හීන, සිහින පුරය,
ඉතිං ඊට පස්සේ, අමන්දා, වැහිපබළු සේල, සවීණා වැනි ටෙලි
නාට්‍යවලටත් ඇය සැලකිය යුතු ලෙස රංගනයෙන් දායක වෙලා තියෙනවා.
බොහෝ
විට සාමාන්‍ය යුවතියක් එහෙමත් නැතිනම් ගැමි චරිතයක් තමයි
හිරුණිට රඟපෑමට ලැබී තිබෙන්නේ.
එසේම එම චරිත ඇයට ඉතාමත් ගැළපෙන බව තමයි වැඩිදෙනකුගේ විශ්වාසය
වී තිබෙන්නේ.
හිරුණිගේ සම්පූර්ණ නම හිරුණි ශෂිකලා ජයනෙත්ති, දිව්ලපිටිය,
දූනගහ තමයි ඇගේ ගම. දූනගහ රණසිංහ විද්‍යාලයේ හා මීගමුව ශාන්ත
පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය ඉදිරියේදී තම රංගන
හැකියාවන් තව තවත් සංවර්ධනය කර ගනිමින් ක්ෂේත්රයේ දිගු
ගමනක් යැමට බලා සිටිනවා.
Post a Comment