ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුලින්ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා එම ආරාධනය කළේ, පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය හමාර කිරීමේ දේශණය පවත්වමින්. "වෙනත් රටකින් විසඳුම් සොයනවාට වඩා අනෙක් රටවල්වලටත් ආදර්ශයක් ගත හැකි, අපිට අපි ගැනම අභිමානයක් ඇති කර ගත හැකි වන විසඳුම් සෙවීම, කටුක අමිහිරි අත්දැකීම් ඇති අපි මතු පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යභාරය යයිද මා සඳහන් කරන්න කැමතියි," යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙවර අය වැය විවාදය පැවැත්වෙන්නේ උතුරේද ප්‍රජාතන්ත්‍රවාදී පළාත් සභාවක් තෝරා පත් කර ගනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විශේෂ සන්ධිස්ථානයකට පිවිස සිටින අවස්ථාවක බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ, සිය දිගු කාලීන අත්දැකීම් තමන් සමඟ බෙදා ගන්නා මෙන් විශේෂයෙන්ම ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාට සහ උතුරේ මහ ඇමති සීවී විග්නේශ්වරන්ට ආරාධනා කරන බවද කියා සිටියේය.
උතුරු ප්‍රදේශයේ රාජ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම, ත්‍රෛභාෂා වැඩපිළිවෙල පුළුල් කිරීම සහ නිවාස සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
Post a Comment