ඉහළ - GSK ෆාමසූටිකල්ස්‌හි, කළමනාකාර අධ්‍යක්‍ෂ ස්‌ටුවර්ට් චැප්මන් මහතා සහ අලෙවිකරණ ප්‍රධානී, රොජර් තලයරත්න මහතා (මැද සහ දකුණේ) පෝස්‌ටර් කිහිපයක් ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්‌ස කරල්ලියෑද්ද මහතා වෙත භාරදෙයි. පහළ - සමාගමේ ඔරෙන්ඡ් ඩේ" වැඩසටහන යටතේ GSK සේවකයෙකු පෝස්‌ටරයක් අලවමින්.
මෙරටට ඖෂධ සහ එන්නත් සපයන ප්‍රමුඛතම සමාගමක් වන ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින්
(GSK) ෆාමසූටිකල්ස් සමාගමේ සහයෝගයෙන් ළමා අපචාර පිළිබඳ සමාජයේ දැනුම වර්ධනය කරමින් එවැනි අපචාර පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ විශේෂඥයන්ගේ සංගමය විසින් සුවිශේෂී වැඩසටහනක් දියත් කර ඇත.
දරුවන් සඳහා ආරක්‍ෂිත සමාජයන් ගොඩනැඟêම මැයෙන් නම් කර තිබූ මෙම වැඩසටහනේදී ළමා අපචාර හා සමාජය විසින් අත්හැර දැමූ දරුවන් සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ බහු ආංශික මාර්ගෝපදේශන මාලාවක් එළිදැක්‌වීය. මීට අමතරව, දරුවන් අපචාරවලින්, සූරා කෑමෙන්, වධ හිංසාවලින් හා අත්හැර දැමීමෙන් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම්වලින් සමන්විත වැඩසටහනක්‌ද මෙහිදී දියත් කරන ලදී.
2013 දෙසැම්බර් 04 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම වැඩසටහනේ ආරම්භක උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස GSK ෆාමසූටිකල්ස් සමාගම එම වැඩසටහනට සමගාමීව දරුවන් ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම සමාජගත කිරීම වෙනුවෙන් දිවයින පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ද ක්‍රියාත්මක කළේය.
ගෝලීය වශයෙන් විසිරී සිටින සිය කාර්ය මණ්‌ඩලය දේශීය ප්‍රජා සත්කාරක කටයුතු සඳහා සම්බන්ධ කිරීමට GSK සමාගම විසින් වාර්ෂිකව " ඔරෙන්ඡ් ඩේ" නමින් වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වයි. 2013 එම වැඩසටහන විසින් ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ විශේෂඥයන්ගේ සංගමය ළමා ආරක්‍ෂණ කමිටුවේ වැඩසටහනට සහයෝගය දක්‌වමින් දෙසැම්බර් 04 වැනිදා රෝහල්, පොලිසි වැනි පොදු ස්‌ථානවල දරුවන් සුරැකීමේ වැදගත්කම දැක්‌වෙන පෝස්‌ටර් අලවමින් සහයෝගය පළ කරන ලදී.
Post a Comment