Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට රත්මලාන දෙසට රියදුරෙකු නොමැතිව දුම්රිය එංජිමක් ධාවනය වූයේ හොල්මනක් නිසා නොව එම ධාවනාගාරයේ එදින සේවය කළ රියදුරාගේ බරපතළ අත් වැරදීමකින් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කරයි.
අදාල සිදුවීම විමර්ශනයට පත් කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඇමතිවරයා එම අදහස් පළ කළේ.

" මේ වාර්තාවෙන් රටේ මහජනතාවට දැන ගන්න පුළුවන්, සත්‍යය කුමක්ද කියල, අනිත් කරුණු ඔක්කොම දැන් බැහැර කරන්න පුළුවන්, ඒ කියන්නේ හොල්මනක් ගෙනිච්ච කියන එක,මේක මම දකින ආකාරයට නම් අත් වැරදීමක් , බරපතළ අත් වැරදීමක්" ප්‍රවාහන ඇමතිවරයා පවසයි.
කමිටු වාර්තාව මාධ්‍යයට ඉදිරිපත් කරමින්, ත්‍රි පුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය ගමනාගමන අදිකාරී, ඒ.ඩී .බී සෙනවිරත්න ප්‍රකාශ කළේ, රියදුරෙකු නොමැතිව දුම්රිය එංජිම ධාවනය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවයි.
" එම දුම්රිය එන්ජිම දුම්රිය අංගනයෙන් එලියට යාම සම්බන්ධයෙන් ඒ වෙලාවේ සේවය කරපු රියදුරු මහතාත් සහායක රියදුරු මහතාත් සම්පුර්ණයෙන් ම වගකිවයුතුයි, එම දෙදෙනාගේ අතපසු වීම් සහ නො සැලකිල්ල නිසයි, මෙය සිදු වී තිබෙන්නේ." නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා පවසයි.

CCTV සාක්‍ෂි

මෙම පරීක්ෂණය සිදු කිරීමේ දී බොහෝ දෙනා අසත්‍ය ප්‍රකාශ කරමින් පරීක්ෂණය නොමග යැවීමට උත්සාහ කල බව පැවසූ නියෝජ්‍ය ගමනාගමන ඒ.ඩී .බී සෙනවිරත්න, CCTV කැමරා උපයෝගී කර ගනිමින් මෙම සිද්ධියේ සුල මුල හෙලි කර ගැනීමට තම කමිටුව සමත් වූ බවත් කියා සිටියේය.
කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දිලන්ත ප්‍රනාන්දු, අදාළ දුම්රිය එන්ජිම ගමන් කර ඇති ආකාරය මාධ්‍යයට පැහැදිලි කරමින්;
" එන්ජිම රාත්‍රී 12.25 ත් 12.30 අතර වේලාවක පණ ගැන් වී,12.42 මරදාන දුම්රිය ස්ථානයත් 12.55 වෙන කොට කොටුව දුම්රිය ස්ථානයත් පසු කරලා තියෙනවා, උදෑසන 2.17 වන විට ගල්කිස්ස රත්මලාන කර්මාන්ත ශාලාවට ඇතුල් වෙන පාලක සංඥාව පසු කරල තියෙනවා, දුම්රිය එන්ජිම පැයට කිලෝමීටර් 9.5 ක වේගයකින් ගමන් කර තිබෙනවා" යනුවෙන් දුම්රිය එන්ජිමේ ගමන් මග විස්තර කළේය.
රියදුරා දුම්රිය එන්ජිම නතර කිරීමේ දී දුම්රිය ක්ලචය ක්‍රියාන්විත නො කිරීම සහ එන්ජිමක් නතර කිරීමට පෙර සිදු කළ යුතු වායු පීඩන ඉවත් වීමේ ක්‍රියාවලිය අවසන් වීමට පෙර ඔහු දුම්රියෙන් බැස යාම දුම්රිය එන්ජිම ඉබේම ගමන් ගැනීමට හේතු වී ඇතැයි නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දිලන්ත ප්‍රනාන්දු පවසයි.

0 comments

Post a Comment