ඇඩ්රස් නෑ වනාහී ජනප්රිය වීම සඳහා නිර්මාණය කෙරෙන ගුණාත්මක චිත්රපටයකි.
ඇඩ්රස් නෑ මේක රස්තියාදු වචනයක් තමයි.අපි මේ රස්තියාදු වචනයට ලොකු සමාජ දේශපාලනික අර්ථයක් දෙනවා.
කවුද ඇඩ්රස් නැති මිනිස්සු?
සිඟන්නන්, වීදි දරුවන්, වීදි වෙසඟනන්, කුලියට මිනීමරන්නන්, සොරුන්, මංකොල්ලකරුවන්, ගැට කපන්නන්.
මේ අයව ජන සංගණනවලට අහු වෙන්න නෑ.
ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් වෙන්නේ නෑ.
මන්ත්රීලා නෑ, ග්රාම සේවකලා නෑ, පල්ලි නෑ, පන්සල් නෑ, ඉස්කෝල නෑ.
ලුම්පන් පන්තියට හෙවත් නන්නත්තාරික නිර්ධන පන්තියට හෙවත් පාදඩ පන්තියට අලුත් වචනයක් ඇඩ්රස් නෑ
නිෂ්පාදනය - ජනිත මාරසිංහ
අධ්යක්ෂණය - ජැක්සන් ඇන්තනි
Post a Comment