මෙන්න තේරවිලි කවි. හා හොඳයි තෝරමු බලන්ට.... අපි පොඩි කාලේ මේ වගේ තේරවිලි වලට ආසයි.මට ආයෙත් පොඩි කාලේ මතක් උනා.කට්ටියට පුලුවන් නම් මට මේ හයටම උත්තර දෙන්නකෝ.කව්ද බලමු වැඩ කාරයා?
1. අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇතී
ඒකිගෙ බඩේ දරු තුන් සිය හැටක් ඇතී
උන්ගෙන් එකෙක් ඉරු දෙවියන්ට දා ඇතී
මෙතුන් පදේ තේරුවොතින් නුවණ ඇතී
2. සස්සඳ ගලේ ගල පල්ලේ උපන් සතා
ඔළුව නැතුව කඳමයි සාප දුන් සතා
නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා
මෙතුන් පදේ තෝරාලා කියනු පුතා
3. රුක් අග වසන මුත් කුරුලෙක් නොවේමය
නෙත් තුන ඇති නමුත් මෙහෙසුරු නොවේමය
පොතු පිළි අඳින මුත් තවුසෙක් නොවේමය
ජලයෙන් පිරි නමුත් පොකුණක් නොවේමය
4.කටු ඇති නමුත් ලෙහෙසිය ගෙඩි නෙලීමට
පල ගත්තාම අතු බරවෙයි කදීමට
හොරු කැඩුවොතින් සුවඳින් හසු වෙයි යසට
සකි දන්නවා නම් එහි නම කියන් මට
5. එනවා නේනවා තෝරා කියන් මට
ලුංඩි කඩේ කද තෝරා කියන් මට
පංච නෙලුම් මල තෝරා කියන් මට
ලුංඩි පුරුෂයා තෝරා කියන් මට
6. නැත සැවුලා කවදාවත් අඬලන්නේ
කොට වකලා කටු ආඳයි ගස්සන්නේ
පතල මුලා බිජු ලාලයි ලොකු වෙන්නේ
ඒ බිජු කන්න මම ආසාවෙන් ඉන්නේ
ලුංඩි කඩේ කද තෝරා කියන් මට
පංච නෙලුම් මල තෝරා කියන් මට
ලුංඩි පුරුෂයා තෝරා කියන් මට
6. නැත සැවුලා කවදාවත් අඬලන්නේ
කොට වකලා කටු ආඳයි ගස්සන්නේ
පතල මුලා බිජු ලාලයි ලොකු වෙන්නේ
ඒ බිජු කන්න මම ආසාවෙන් ඉන්නේ
Thun Theravili, theravili Kavi, theravili, sinhala Kavi, therawili,තුන් තේරවිලි, තේරවිලි,