දරුවන් බන්ධනාගාර වාහනවලින් ප්‍රවාහනය කිරීම 'වැරදියි'
අවසාන යාවත්කාලීන කිරීම : 2013 ජුනි 28 සිකුරාදා - 10:15 GMT
'අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නාමයට වාහන නමයක්'
අධිකරණය මාර්ගයෙන් පරිවාස භාරයට පත් කෙරෙන දරුවන්
බන්ධනාගාර වාහනවලින් ප්‍රවාහනය කිරීම "සම්පූර්ණයෙන්ම වැරදි" බවයි, ජාතික
ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා
සිටියේ.
මේ තත්ත්වය වෙනස් කිරීම පිණිස තමන් මේ දිනවල බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇය පවසන්නීය.
"අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නමයට වාහන නමයක්. හරි විදියට නම් දිස්ත්‍රික්කෙකට එක ගානේ ලැබෙන්න ඕනේ. ඉදිරි අවුරුද්ද ඇතුලත මේ තත්ත්වය වෙනස් කරන්න අපි පියවර ගන්නවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.
ගතව ගිය මාර්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාවෙන් ළමා අපයෝජන සිදුවීම් 127 ක් වාර්තා වී තිබෙන බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරන්නේ.
එයින් අඩක්ම ලිංගික අපයෝජනයන්.
කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉහල යාමේ ප්‍රවණතාවයක් නොවන බව පවසන සභාපතිනි අනෝමා දිසානායක, සිදු වී තිබෙන්නේ ළමා අපයෝජන පිළිබඳව වෙනදාට වැඩි අවධානයක් යොමුවීම බව ද ප්‍රකාශ කරන්නීය.