Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

ආදරයේ පළමුවන චමත්කාර අත්දැකිම් ජීවිතය පුරා විහිදෙන්නකි. ඒ ආදරය බොහෝ දෙනා සිත යට රඳවද්දී එය යළි යළිත් සිහිපත් කරන්නන් එමටය. අලුත් පරම්පරාවේ ඔබේ හද දිනූ තරු ජීවිතයේ මුල් ප්‍රේම කතා පිළිබඳ සිහිපත් කරන සුන්දර ඇත්දැකිම් අද සිට ‘සරසවිය’ පත් ඉරු මත මෙසේ සටහන් වේ. මේ දිනවල දම්සාරි’ හා ‘සිහින සිඬරෙල්ලා’ ටෙලි නාට්‍යය ඔස්සේ ඔබගේ සාලයට පැමිණෙන ඈ භාග්‍යා ගුරුසිංහයි.

* ඔබ ආදරවන්තියක්ද?
ඔව්.
* ඔබගේ සිත ගත්ත ආදරණීය ඔහු කවුද?
පියුශාන් රත්නායක.
* පියුශාන් මොනවද කරන්නේ?
NIBM කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ උපාධියක් හදාරනවා.
* ඔහු ඔබගේ ප්‍රථම ප්‍රේමයද?
ඇත්තටම මම බොහොම වාසනාවන්තියක්. පියුශාන් කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමයමයි.
* ඒ කියන්නේ? මීට පෙර ඔබ කිසිවකුටවත් ආදරය කළේ නෑ කියලද?
මම පියුශාන්ටයි මුලින්ම ආදරය කළේ.
* යුවතියක් විදියට ආදර ආරාධනා නොලැබුණු බව ද ඔය පවසන්නේ?
අපෝ නෑ. ඕනෑ තරම් ඒ වගේ ආරාධනා තිබුණා. නමුත් මට ඒ කිසි දෙයක් දිහා ඇහැක් ඇරලවත් බලන්න දුන්නේ නෑ. මම බැලුවෙත් නෑ.
* ඇයි එහෙම වුණේ?
මගේ අයියා වගේම නංගිත් මමත් පාසල් ගියේ එකටමයි. එකම පාසලටමයි. එක ළඟ පංති කිහිපයකයි අපි තුන්දෙනාම හිටියේ. ඒ නිසා අයියා මාව ගොඩක් ආරක්ෂා කළා. මගේ පංතියේ ළමයි එක්ක මිසක් කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න මට තහනම්. ඒකයි නීතිය වුණේ.
* අයියා නොහිටියා නම් ඔබ ප්‍රේමවන්තියක්ද?
සමහර විට.
* පියුශාන් ඔබට මුණ ගැහෙන්නේ කොහොමද?
ඒක අපූරු හමුවීමක්. පියුශාන් මට මුලින්ම හමුවෙන්නේ එයාගේ ගීතයකට කරන රූප රචනයකට රඟපාන්න ආරාධනා කළ නිසයි.
* රූප රචනාව ආදරයකට පත් වුණාද?
එහෙමම නෙවෙයි. පියුශාන් මාව මුලින්ම දැකලා තිබුණේ ‘ඔයා නිසා හඬලා’ කියන ගීතයේ. ඒ ගීතයේ රූප රචනයට මමත් ඉන්නවා. ඔහුගේ ගීිතයේ රූප රචනයට මම වඩාත් සුදුසුයි කියලා ඔහු හිතලා තිබුණා. ඒ වගේම මම ගැන පුංචි ආදරණීය හැඟීමක් ඔහුට පළමුවරට ඇති වෙලා තිබුණේ ‘ඔයා නිසා හඬලා’ කියන ගීතය නිසා. ඒත් එක්කම ඔහුට හිතුණලු මේ තරම් ලස්සන කෙල්ලකට කොල්ලෙක් නොසිටීවිද කියලත්.
* ඊට පස්සේ ඔහු ඔබට කතා කළා.
ඔහු මාව රූප රචනයට තෝර ගත්තත් ඒ පිළිබඳ අහන්න මුලින්ම කතා කළේ අම්මාටයි.
* අම්මා උඩින්ම කැමති වුණා?
නැහැ. අම්මා මුලින්ම අකැමැත්ත ප්‍රකාශ කළා. ඒ පියුශාන් කියන්නේ කවුද කියලවත් අපි දන්නේ නැති නිසා. ඒ වෙනකොට මම නිර්මාණවලට සම්බන්ධ වුණේ දන්න කියන අයගේ විතරයි.
* පියුශාන්ගේ අදහස ගඟට කපපු ඉණි වගේ වුණාද?
ඒත් පියුශාන් ඔහුගේ අදහස අත හැරියේ නෑ. අපිව දන්න අයෙකුට ඔහුගේ රූප රචනාවට මාව ගන්න අදහස කියලා තිබුණා. ඔහු මාර්ගයෙන් අපිව පියුශාන්ගේ වැඩේට සම්බන්ධ කර ගත්තා. ඒ විදියටයි ඔහුගේ රූප රචනයට සම්බන්ධ වුණේ.
* පියුශාන් ඔබත් සමඟ කතා කළාද?
මම වැඩිය දන්නෙ නැති පිිරිමි ළමයි එක්ක කතා කරන්නේ නැති නිසා ඔහුත් සමඟ වැඩිය කතා කළේ නෑ. ඒත් ඔහුත් සමඟ කටයුතු කරද්දී ඔහු හොඳ කෙනෙක් බව සිතුණා.
* එහෙම වෙන්න හේතුවක් තිබුණාද?
එක දවසක් අපි හැමෝම විෂුවල් එක කරන තැන හිටියා. එතැනදි වුණ කතාවකදී මම, ඔහුත් සමඟ මොකක්දෝ දෙයකට ඔට්ටුවක් අල්ලුවා. ඔට්ටුව ඇලුවේ පීසා එකකටයි. මම ඔට්ටුවෙන් දිනුවා. මට විතරක් නෙමෙයි ඔහු අපි හැමෝටම පීසා ගෙනාවා.
* මේ පැහැදීම නිසා ඔබ ඔහුත් සමඟ කතා කළා.
ඔහු හොඳ කෙනෙක් කියලා හැගුණාට පස්සේ වෙන අයට වඩා එයත් එක්ක කතා කළා.
* ඒ කතාවද මේ දුර දිග ගියේ?
ඒ කතාව පැත්තක තිබුණා. මේ වැඩ කටයුත්තෙන් පස්සේ පියුශාන් මට වඩා කතා කලේ අපේ අම්මත් එක්කයි. ඔහු මුලින්ම මටත් කලින් හිතවත් වුණේ මගේ අම්මත් එක්කයි. මොකද අපේ අම්මා බොහොම සැරයි. ඔහු කොහොම හරි අම්මගේ හිත දිනාගෙන තිබුණා. අම්මා මට කතා කරන්න ෆෝන් එක දෙන්න හැදුවත් ඔහු මාත් සමඟ කතා කළේ නැහැ.
* එහෙනම් කොහොමද ඒක වුණේ?
ඉඳලා හිටලා අම්මට කතා කරන අතරතුර ඔහු මට කතා කරනවා. ඒ අතර දවසකදී අම්මට ඔහුගේ අදහස කියලා තිබුණා.
* ඔබට ආදරෙයි කියලා කිව්වේ කවදාද?
ආදරෙයි කිව්වා කියලම කියන්න බෑ. මගෙන් ඒ ගැන ඇහුව්වාට පස්සේ මම කිව්වේ අම්මාගෙන් අහන්න කියලයි. පස්සේ අපි ෆේස් බුක් එකෙන් කතා කළා. ඒත් නිතරම නෙමෙයි.
* අම්මා පියුෂාන්ට කැමැති වුණාද?
පියුෂාන් ගැන අම්මා හොඳට දැනගෙන හිටියා. ඒ නිසා ඔහු හොඳ කෙනෙක් කියලා අම්මා කිව්වා. ඔහු මට කැමැති නම් ගෙදරට කතා කරන්න ඕන කියලත් අම්මා කිව්වා. පියුශාන් මේ ගැන එයාගේ අම්මට කියලා අවසරය ගත්තා.
* නැන්දම්මා ඔයාට කැමැති වුණාද?
ඊට ඉස්සර දවසක අපි කතරගම ගියා. පියුශාන්ලාගේ ගම කතරගම. ඒ නිසා එයාලගේ ගෙදර අපි කලින් ගිහින් තිබෙනවා. පියුශාන්ගේ අම්මා මට හරිම ආදරෙයි.
* හොඳට ප්ලෑන් කරලයි එහෙම නම් වැඩ කරලා තිබෙන්නේ.
අපෝ නෑ. මම ඒවෙන කොට එහෙම දෙයක් දන්නේවත් නෑ. අනිත් එක අපි එහේ ගියේ ගොඩක් කාලයකට ඉස්සර. කොහොම වුණත් ඇන්ටිට පියුශාන් මං ගැන කිව්වට පස්සේ මං ගැන හොඳට හොයලා බලලා තිබුණා. ඊට පස්සේ මට කැමැති වුණා.
* දැන් දෙපැත්තෙන්ම ආදරයට අවසරය ලැබිලා.
ඔව්. ඊට පස්සේ පියුශාන්ගේ ගෙදරින් අපේ ගෙදර ආවා. සියල්ල නියම විදියට සිදු වුණා. වසර දෙකකට විතර පස්සේ අපි විවාහ වෙන්නයි ඉන්නේ.
* ඇයි අවුරුදු දෙකකට පස්සේ විවාහ වෙන්නේ?
පියුශාන්ගේ ඉගෙනීමෙ කටයුතු නිසා.
* ඔහු ඔබට ආදරය කළේ ලස්සන නිසාද?
ලස්සන වගේම අහිංසක නිසා.
* ඔබ ඔහුට ආදරය කළේ?
ඇත්තටම ඔහු අහිංසකයි වගේම අවංකයි.
* ඔහු ඔබට මුලින්ම දුන්න තෑග්ග මොකක්ද?
එස් ත්‍රී ෆෝන් එකක්. මේ 16 වැනිදා තිබුණු මගේ උපන් දිනේට ඔහු මට දුන්නේ ටැබ් එකක්.
* ඔයා මොනවද ඔහුට දුන්නේ?
කැමරාවක් තමයි මම ඔහුට මුලින්ම දුන්නේ.
* ඔබට වගේම ඔහුටත් කතා කරන ආදරණීය නාමය මොකක්ද?
ඔහු මට කතා කරන්නේ ‘චූටි’කියලා. මම ඔහුට කතා කරන්නේ බේබි කියලා.
* පියුෂාන්ගේ ගීතය දැන් ජනප්‍රියද?
ඔහු ගයන ‘ඔබේ නීල නෙත් මානයේ’ කියන ගීතයේ වැඩ අතරමග නැවතුණා. ඒ ප්‍රශ්න කිහිපයක් නිසා. ඒත් ඒක ළඟදීම ඔබ සැමට අහන්න ලැබේවි.
* ඔබ රඟපානවට ඔහු කැමැතිද?
අකැමැත්තක් ඇත්තේ නෑ. කැමැත්තක් ඇත්තෙත් නෑ.
* ඒ කියන්නේ ඔයා රඟපෑමෙන් ඉවත් වෙනවා?
විවාහයෙන් පස්සේ මම රඟපෑමෙන් ඉවත් වෙනවා. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න නම් වැඩිපුර කාර්යබහුල වෙලා බෑ. රඟපෑමේදී උදේ, දවල්, රෑ කියලා නෑ. එතකොට පවුල් ජීවිතයක් ඇත්තේ නෑ.

0 comments

Post a Comment