යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්' දියත් කළ බවයි.
ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ
සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන
ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන
ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
එල්ටීටීඊ යට එරෙහි චෝදනා
ශ්‍රී ලංකාවේ රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද එල්ල වන යුද අපරාධ පිළිබඳ චෝදනා එවැනි පරීක්ෂණයකින් විමර්ශනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.2009 මැයි මාසයෙන් පසු උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වන පීඩා පිළිබඳ ව විභාග කිරීමට යොමු වන ලෙස ද දමිළ ජාතික සන්ධානය යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති වරයා ගෙන් ඉල්ලා සිටි බවත් සුමන්දිරන් මන්ත්‍රී වරයා කියා සිටියේය.
එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න බදාදා සංදේශයෙන්.
Post a Comment