උතුරේ ජනතාව මුහුණ පා සිටින
දුෂ්කරතා ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමට කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
වරියක් එකඟ වූ බව මන්නාරමේ ප්‍රජා නායකයෝ පවසති.
උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ හඬක්
නගන ලෙස කළ ඉල්ලීමට විදේශීය පාර්ලිමේන්තු ආසනයක් සඳහා තේරී පත්වුණු පළමු
ලාංකික දෙමළ මන්ත්‍රී වරිය වන රධිකා සිත්සබෙයිසන් සාධනීය ලෙස ප්‍රතිචාර
දැක්වූ බව යි ඔවුන් බීබීසීයට කියා සිටියේ.පෙරළා කැනඩාව බලා යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ‘උපරිම බලපෑම්’ යොදන වග මන්ත්‍රීවරිය පැවසූ බව මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති එමානුවෙල් ජෙබමාලෙයි පියතුමා බීබීසී යට කියා සිටියේය.
ජාත්‍යන්තර බලපෑම නැතිනම්
යුද්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් ගත වීත් විසඳීමක් නැති තැන ශ්‍රී ලංකා රජයෙන් ඉදිරියේ දීත් පිළිතුරක් අපේක්ෂා කළ නො හැකි බවයි ජෙබමාලෙයි පියතුමා පවසන්නේ.ජාත්‍යන්තර බලපෑම නැතිනම් දෙමළ ජනතාවට ස්වයං තීරණයේ අයිතිය හිමි නොවන බව මන්ත්‍රී වරිය හට ප්‍රකාශ කළේ යයි ද පියතුමා පැවසූහ.
තවමත් ආ ගිය අතක් නැති ව අතුරුදහන් වූ වන්, හමුදාව විසින් ඉඩම් අත් පත් කර ගැනීම්, රජයේ ආරක්ෂක නිලධාරීන් විසින් වැඩි මිලට ඉඩම් මිලට ගැනීම් සහ හමුදා භටයන් සාමාන්‍ය රැකියා වල නිරත වී සිටීම් ඇතුළු තොරතුරු කැනඩා මන්ත්‍රිනී රධිකා සිත්සබෙයිසන් හමුවේ මන්නාරම් වැසියන් විසින් ඉදිරිපත් කරන ලද බව යි ඔහු ප්‍රකාශ කළේ.
අතුරුදහන් වීම් 2300 ක්
අතුරුදහන් වීම් 2300 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව ලිඛිත විස්තර මන්නාරම පුරවැසි කමිටුව විසින් ජනාධිපති කොමිසමක් වෙත ලබා දී ඇතත් මේ තාක් කිසිදු සහනයක් ලැබී නැති බවයි උප සභාපති වරයා පවසන්නේ.‘ලංකාවේ කාටවත් කීවාට ගණන් ගන්නේ නැති,’ හෙයින් ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීමේ අටියෙන් දෙමළ ජනතාවගේ ගැටළු රධිකා සිත්සබෙයිසන් මන්ත්‍රීවරිය හට ඉදිරිපත් කළ බව ඇන්තනි සහායම් වැඩි දුරටත් පැවසීය.
'උගුලට අසු නොවේ'
මේ අතර කැනේඩියානු මන්ත්‍රීවරිය ගේ උතුරේ ගමන් බිමන් රජයේ ආරක්ෂක අංශ විසින් අධීක්ෂණය කරනු ලබන බවට බීබීසීයට ලැබී තිබෙන තොරතුරු ප්‍රතික්ෂේප කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ ඇය ට කිසිදු අවහිරයක් කොට නැති බවයි.කැනඩාවේ දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දී ‘අත් අඩංගුවට පත් වීමේ’ වුවමනාවකින් ඇය කටයුතු කරන බවයි ඔහුගේ චෝදනාව.
‘ඒ උගුලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අසු නොවන.’ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සංදේශයට කියා සිටියේ.
Post a Comment