Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.



"උතුරු නැගෙනහිර බහුතර ද්‍රවිඩ ජනතාවට

නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්‌ වූ ස්‌වයංපාලනය

ලබාදිය යුතුය. ඔවුන් ආරක්‍ෂා වන්නේ එවිටයි."

- චැනල් 04 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ


ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් බවට පත් කිරීම සඳහා දැඩි උත්සාහයක්‌ ගන්නා බ්‍රිතාන්‍යයේ චැනල් 04 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ දැන් ප්‍රසිද්ධියේම පවසන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළම පිහිටුවිය යුතු බවය. උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය දිය යුතු යෑයි ඔහු තවදුරටත් කියා සිටියි. ස්‌කොට්‌ ජාතිකයකු වූ මැක්‌රේ බ්‍රිතාන්‍යය දෙකඩ කර ස්‌කොට්‌ලන්තය නමින් රටක්‌ කඩිනමින් පිහිටුවිය යුතු යෑයි මෙතෙක්‌ පවසා නැත.

මැක්‌රේගේ මේ බෙදුම්වාදී ප්‍රකාශය ගැන මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයෙන් ඇසුවොත් එය සංස්‌කෘතිකමය ප්‍රකාශයක්‌ යෑයි කියනු නොඅනුමානය.

එහෙත් ශ්‍රී ලංකාවේ නායකත්වය හා හමුදා ප්‍රධානීන්ව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයැම සඳහා උත්සාහ කරන මැක්‌රේව මෙරටට ගෙන්වීමට විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වී ඇත.

කැල්ලම් මැක්‌රේ යනු රූපවාහිනි ශිල්පියකු නොව කොන්ත්‍රාත්කරුවෙකි. ඔහු පසුගිය සතියේ දිනෙක කැනඩාවට ගොස්‌ කොටි ඩයස්‌පෝරාවෙන් සම්මාන පවා ලබාගත්තේය. "මම ශ්‍රී ලංකාව නියම තැනට ගෙන යන්නෙමි"යෑයි වහසි බස්‌ දෙඩීය.

එවන් පසුබිමක්‌ මැද පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මුවාවෙන් මැක්‌රේ මෙරටට ඒමට උත්සාහ කරයි. ඉන්දියාවේ පැවැති ආගමික සමුළුවකට සහභාගිවීම සඳහා බී.බී.සී. වාර්තාකාරියකට ඉන්දියාවට ඒමට ඉන්දීය රජය ඉඩ දුන්නේ නැත. එසේම රටවල් රැසක්‌ විසින් රටට අහිතකර වාර්තාකරුවන්ට ඒමට අවසර දී නොතිබිණි. මේ තත්ත්වය මැද පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම් කාර්යාලයේ ප්‍රකාශක රිචඩ් උකු නමැත්තා පවසන්නේ සමුළුව සඳහා මාධ්‍යවේදීන් එවීමේ අවසාන බලය ඇත්තේ සිය කාර්යාලයට බවයි.

එහෙත් යම් මාධ්‍ය පාර්ශ්වයක්‌ ජාතික ආරක්‍ෂාවට හානි කර තත්ත්වයක ක්‍රියා කරන්නේ නම් ඔහුට මෙරටට පැමිණීමට ඉඩදිය යුතුද?

චැනල් ෙµda අධ්‍යක්‍ෂවරයා ක්‍රියා කර ඇත්තේ පැමිණිලිකරු, සාක්‍ෂිකරු හා විනිසුරු ලෙසයි. ඔහු කැනඩාවේ පැවැති පෙන්ටා නමැති කොටි සමුළුවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යන බවට වහසි බස්‌ දෙඩීය. එම ප්‍රකාශය මත පෙන්ටා සමුළුවේ සංවිධායකයන් කැල්ලම් මැක්‌රේට සළුවක්‌ පොරවා උපහාර පිරිනැමූහ.

මේ අන්දමට මැක්‌රේ යුද අපරාධ චෝදනා එල්ලවූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඉරාක යුද්ධයට සම්බන්ධ බ්‍රිතාන්‍ය හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු කියන්නේද?

යුද අපරාධ සම්බන්ධ වගකිවයුතු ඇඩෙලා බාලසිංහම් දැන් සිටින්නේ බ්‍රිතාන්‍යයේයි. කොටි මිනීමරුවන්ට ආයුධ ලබාගැනීමට සහාය වූ රෙජී සහ අර්ජුන් එදිරිවීරසිංහම් නමැත්තන් ද බ්‍රිතාන්‍යයේ වාසය කරයි.

එහෙත් ඔවුන්ට යුද අපරාධ සම්බන්ධව චෝදනා ඉදිරිපත් කිරීමට කැල්ලම් මැක්‌රේ ක්‍රියා කර නැත. ශ්‍රී ලංකාවට එරෙහිව කොටි ඩයස්‌පෝරාව සමග එක්‌ව ක්‍රියා කරන මැක්‌රේ ලන්ඩන් නුවරදී මෙලෙස ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයන් කළ දේ ගැන මට දැඩි කෝපයක්‌ ඇතිවී තිබෙනවා. කොටි නායකත්වය සිදු කළ වැරදි නිසා මට ඔවුන් සමග ද කෝපයක්‌ ඇති වුණා. කොටි සංවිධානය ත්‍රස්‌තවාදීන් බවට පත්වීමට ඔවුන්ම ඉඩ හැරියා. )

කැල්ලම් මැක්‌රේ මින් කියා සිටින්නේ කොටින්ව වැනසීම නිසා තමන් ශ්‍රී ලාංකිකයන් සමග කෝපයෙන් පසුවන බවය. එසේ නම් ඔහු පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට මුවාවී මෙරටට ඒමට උත්සාහ කරන්නේ මන්ද?

ශ්‍රී ලංකා රජය යුද අපරාධ අධිකරණයක්‌ හමුවේ පෙනී සිටිනවා. මට එය ස්‌ථිරයි යෑයි මැක්‌රේ වැඩිදුරටත් ලන්ඩන් නුවරදී පවසා තිබේ.

ඉහත ප්‍රකාශයම කැල්ලම් මැක්‌රේට ශ්‍රී ලංකාවට ඒම තහනම් කිරීමට ප්‍රමාණවත්ය. එහෙත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා නෝර්වේ අරමුදල් මත යෑපෙන්නන්ට චැනල් 04 රූපවාහිනි අධ්‍යක්‍ෂවරයාව මෙරටට ගෙන්වා ගිනි ඇවිලවීමේ ඊළඟ ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවී ඇතැයි කියමින් 2002 පැවැති රජය නෝර්වේ ත්‍රස්‌ත මර්දන සංවිධානයේ ප්‍රධානී රෝවික්‌ව මෙරටින් පිටුවහල් කරනු ලැබීය.

රෝවික්‌ව පිටුවහල් කරද්දී ඊට එරෙහිව නිදහස්‌ මාධ්‍ය යෑයි හඳුන්වාගත් පිරිස්‌ මුනිවත රැකි බව සනාථ විය. එසේනම් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා ස්‌වයංපාලනය දිය යුතු යෑයි පවසන කැල්ලම් මැක්‌රේට මෙරටට ඒමට ඉඩදිය යුතුද?

ලන්ඩන් නුවරදී ඔහු සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ට දොස්‌ නැගුවේ කොටි පරාජය කිරීමට ක්‍රියා කිරීම නිසාය. තමා කොටි සමග සබඳකම් නැතැයි මැක්‌රේ පැවසුවත් පසුගියදා ගෝලීය ද්‍රවිඩ සංසදයේ රාත්‍රි භෝජන සංග්‍රහයට ඔහු සහභාගි විය. ඒ සඳහා මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් ද සහභාගි වී ඇත. ප්‍රාන්සස්‌ හැරිසන් මෙරටින් පිටව යන අවස්‌ථාවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති සාදයට කොටි මිනීමරුවකු වූ පුලිතේවන්ට ද ඇරයුම් කර තිබිණි.

මේ දෙදෙනාටම ඇත්තේ පුදුම අමාරුවකි. ගෝලීය ද්‍රවිඩ සංසදයේ රාත්‍රි භෝජන සංග්‍රහයට මැක්‌රේ හා ප්‍රාන්සස්‌ හැරිසන් සමග පොදු රාජ්‍ය මණ්‌ඩල ඇමැති ඇල්ස්‌ටයාර් බර්ට්‌ ද සහභාගි වී ඇත.

මෙම සතියේ දිනෙක බ්‍රිතාන්‍ය ඇමැතිනියක්‌ වූ වර්සි පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ කරමින් අගමැති ඩේවිඩ් කැමරන් හා විදේශ ලේකම් විලියම් හේග් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ගොස්‌ ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන ප්‍රශ්න කරන බව කීවාය.

එසේ නම් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදු කළ යුද අපරාධ සම්බන්ධව බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ප්‍රශ්න කිරීමට ද මෙරට රජයට හිමිකමක්‌ ඇත.

මෙවන් පසුබිමක්‌ මැද කැල්ලම් මැක්‌රේ සහ ප්‍රාන්සස්‌ හැරිසන් දියත් කර අත්තේ බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ බව පැහැදිලිය.

ඇµaගනිස්‌තානයේ හා පකිස්‌තානයේ සිවිල් වැසියන් ඝාතනයට ලක්‌වූ ෙඩ්‍රාaන් ප්‍රහාර ගැන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කළ මයිකල් හේස්‌ටින් නමැති මාධ්‍යවේදියා වාහන අනතුරකින් මියගියේය.

ඇමරිකානු යුද රහස්‌ හෙළි කළ බ්‍රෑඩ්ලි මැනින් සෙබළා ෙද්‍රdaහියකු යෑයි ඇමරිකාව දැන් ප්‍රසිද්ධියේම කියා සිටී. එම තත්ත්වය මත කැල්ලම් මැක්‌රේ ඇමරිකානු යුද අපරාධ ගැන චිත්‍රපටයක්‌ නිර්මාණය නොකරන්නේ මන්ද?

මේ අතර ලන්ඩන් නුවරින් ලත් අලුත්ම ආරංචිය නම් මැක්‌රේ සහ ප්‍රාන්සස්‌ හැරිසන්ට අගමැති ඩේවිඩ් කැමරන්ගේ මාධ්‍ය කණ්‌ඩායම ඇතුළත් කර මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවයි.

කීර්ති වර්ණකුලසූරිය