පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි
දේශමාමක ජාතික බලවේගයේ සභාපති
උතුරු පළාත් සභාව යනු උතුරු හා නැගෙනහිර පළාත් අර්බුදය උදෙසා විසඳුමක් ලෙසින් ශ්‍රී ලංකා ආණ්ඩුවත්, ඉන්දීය ආණ්ඩුවත් එක්ව අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලාංකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය ලෙසින් එක් වූ නීතිමය අංගයකි.1987 ජුලි 29 වෙනි දින ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව 1988 දී ප්‍රථමවරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඡේ. ආර්. ජයවර්ධන රජය කටයුතු කළ අවස්ථාවේදී රටේ දකුණේ ප්‍රධාන විපක්ෂයත්, රහසිගත දේශපාලනයට තල්ලු කර සිටි ජනතා විමුක්ති පෙරමුණත් එයට එරෙහිව කටයුතු කරද්දී, උතුරේ කොටි සංවිධානයත් එයට එරෙහිව සටන් කළේ ඉන්දියානු ආරක්ෂක හමුදාවන්ගේ ආරක්ෂාව ද නොතකමිනි. එම අවස්ථාවේදී ඊ. පී. ආර්. එල්. එµa. සංවිධානය ප්රමුඛ සංවිධානයක් උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ උතුරු පළාතට තරග කළේ වර්ධරාජා පෙරුමාල් ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා නම් කරමිනි. කොටි සංවිධානයේ තර්ජන මත එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් දෙමළ හෝ මුස්ලිම් දේශපාලන පක්ෂ පවා උතුරු පළාතට තරග නොකිරීම මත වර්ධරාජාගේ කණ්ඩායම නිතරග ජයක් අත්ව උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයත් දැරූවේය.
එම පළාත් පාලන කටයුතු කරගෙන යාමේදී එම අමාත්‍ය මණ්ඩලයට දයාන් ජයතිලක මහතාත්, මාධ්‍යවේදී ජෝ සෙනෙවිරත්න මහතාත් එක්ව සිටි ආකාරයත් මෙහිලා සිහිපත් කිරීම වැදගත් ය. ඒ වාගේම වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ බවට දකුණේ අන්තවාදී කන්ඩායම් කරන ප්‍රකාශ තුළ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණක් ය යන්නත් මෙහිලා සඳහන් කිරීම අත්‍යවශ්‍යය. එය එවක පැවැති ඡේ. ආර්. ජයවර්ධන පාලනය පළාත් සභාවන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිමිවිය යුතු බලතල ලබා දීමට කටයුතු නොකිරීම මත ඇති වූ කෝපය ප්‍රකාශයට පත් කිරීමක් ය යන්න එහි සැබෑ යථාර්ථයයි. කෙසේ හෝ එම ප්‍රකාශය සිදු කිරීම නිසා එම මතයේ අර්ධ සත්‍යයක් පවතී. එම ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව වර්ධරාජා පෙරුමාල් රටත් අතහැර පලා ගිය ආකාරයත් මෙහිදී සිහිපත් කළ යුතුය. එහිදී මධ්‍යම රජය ක්‍රියාත්මක වී උතුරු හා නැගෙනහිර පළාත් සභාවේ බලතල රජයට පවරා ගැනීම මගින්, 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට තර්ජනයක් නොවන බව සන්නද්ධ බෙදුම්වාදී යුද සමග තුළ දී පවා ප්‍රායෝගිකව සනාථ කර ඇති බවත් මෙහිලා සිහිපත් කිරීම වැදගත්ය.
එදා ඒ ප්‍රථම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට දෙමළ ජාතික සංධානයට පවා අවස්ථාව නොලැබීම මගින් ප්රජාතන්ත්රවාදී දේශපාලනයට උතුරේ එවක ඉඩ ප්‍රස්ථාව නොපැවැති ආකාරයත් අනාවරණය වේ. ඊ. පී. ආර්. එල්. එµa සංවිධානයට තරග කිරීමේ අවස්ථාව ලැබීම කෙනෙකු තුළ ප්‍රශ්නයක්, විචිකිච්ඡාවක් මතුවීම සාධාරණය. නමුත් ඊ.පී.ආර්.එල්.එµa හා ඊ.එන්.ඩී.එල්.එµa. සංවිධානයත් සන්නද්ධ සංවිධාන වශයෙන් ක්‍රියාත්මක වීමත්, ඊ. පී. ආර්. එල්. එµa සංවිධානයට ඉන්දීය රජයේ ආශිර්වාදය ලැබීමත් එයට දායක විණි.
ඉන් අනතුරුව ගෙවී ගිය වසර 25 කට ආසන්න කාලය තුළ උතුරු පළාතට පළාත් සභාවක් නොලැබිණි. 2009 මැයි 18 වෙනි දා බෙදුම්වාදී ත්රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමාවීමෙන් පසුව නැගෙනහිර පළාතට කඩිනමින් පළාත් සභාව පිහිටු වීමට අප සමත් වුවද උතුරු පළාතට පළාත් සභාව පිහිටුවීමට අසමත් වීමට අවතැන් ප්රශ්නය, ත්රස්තවාදීන් පුනරුත්ථාපනය, බිම් බෝම්බ ඉවත් කිරීම ඇතුළු ප්‍රශ්න සෘජුවම බලපෑ බවත් රහසක් නොවේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පත් කළ දරුස්මාන් වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයටත්, ආරක්ෂක හමුදාවන්ටත් අස්ථාන චෝදනා නගමින් ජගත් පරිමාණයට රැගෙන යැමට තැත්කළ උතුරේ ප්රශ්නය, රට තුළටම රඳවා ගැනීමට ජනාධිපතිතුමා පත් කළ එල්.එල්.ආර්.සී. කොමිසන් වාර්තාව සමත් වුණි. එහි නිර්දේශ අතර උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් අත්‍යවශ්‍ය අංගයක්ව තිබිණි. විපක්ෂ මතයන්ට අනුව රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙළඹී ඇත්තේ ඉන්දියාවේ බලපෑම් මත හෝ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමේ ක්‍රියාදාමය සුරක්ෂිත කර ගැනීම වැනි කරුණු මතයි. එහෙත් රජයේ මතය වනුයේ උතුරේ දෙමළ ජනයා මෙරට ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්කර ගෙන රට තුළ සාමය, සහජීවනය පදනම් කරගත් යහපාලනයක් ඇතිකිරීමේ අරමුණින් උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි.
මේ අතර ආණ්ඩුවට සම්බන්ධ සංධානයේ ඇතැම් පාර්ශ්වකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අහෝසි කිරීම හෝ සංශෝධනය කළ යුතු බවට මතයක් රට හමුවේ ගොඩ නගමින් සිටින අතර, තවත් පාර්ශ්වයක් කිසිදු සංශෝධනයකින් තොරව උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව දැඩිව අවධාරණය කරයි. ඉන්දීය රජය ද සිටිනුයේ සංශෝධනයකින් තොරව පවත්නා නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන මතයේ යි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත බලය බෙදීමට අදාළ වගන්ති පිළිබඳව නැවත අධ්‍යයනය කර නිර්දේශ රැගත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරනුයේ මෙම පසුබිම තුළයි.
එම කාරක සභාවට එක්සත් ජනතා සංධානයේම 13 වෙනි සංශෝධනයට පක්ෂ නායකයින්ට සාමාජිකත්වය නොලැබීමත් සුවිශේෂ කාරණයකි. ඒවාගේම දෙමළ ජාතික සංධානයත් ප්‍රධාන විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රසයත් සහභාගී නොවීම මත එම කාරක සභාව අඩුම තරමින් එක්සත් ජනතා නිදහස් සංධාන කාරක සභාවක් බවටවත් පත් නොවීම ඓතිහාසික සිද්ධියකි. ඉන් කියාපාන්නේ උතුරු පළාත් සභා මැතිවරණය යොදාගත් කාල සටහන අනුව පැවැත්වීමට ආණ්ඩුවට සිදු වන තත්ත්වයක් ඉන්දීය සාධකය, පොදු රාජ්‍ය මණ්ඩලයීය සාධකය, ජිනීවා සමුළු සාධකය හා නවනීදන් පිල්ලේ සාධකය මත සිදු වී ඇතිය යන්න තර්කානුකූල සත්‍යයක් බව යෑයි යමෙකුට තර්ක කළ හැකිය.
මේ අතර දැනට ප්‍රකාශයට පත්ව තිබෙන පළාත් සභා 03 සඳහා අපේක්ෂක ලැයිස්තු සංධානය හා දේශපාලනය පක්ෂ මේ වන විට සකස් කරමින් පවතී. එහිදී ඇතැම් දේශපාලන පක්ෂ සිය මහ ඇමැති අපේක්ෂකයින් තරගයට පෙර නම් කිරීමට තීරණය කර ඇතත්, ආණ්ඩු පක්ෂයේ තීරණය වී ඇත්තේ මැතිවරණයේදී වැඩිම මනාප ලබාගන්නා අපේක්ෂකයාට මහ ඇමැති ධූරය ලබා දීමටයි. අප පුරවැසියන් වශයෙන් අතීතයේ ලබා ඇති අත්දැකීම්වලට අනුව ඔය ක්‍රමය තුළ මැරබලය, ධන බලය, දේශපාලන බලය වැඩිපුර ඇති පුද්ගලයා වැඩිම මනාප ලබා ගැනීමට සමත් වන බව ප්රත්යක්ෂ කාරණයකි. එය ජනාධිපතිතුමාගේ ගෞරවයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති, මූලධර්මවලට ප්රජාතන්ත්රවාදයට, ජනතාවගේ මානව හිමිකම්වලට, සමාජයීය පැවැත්මට හා සහජීවනයට බරපතළ තර්ජනයක් බවත් තර්කානුකූල සත්‍යයකි. එය එසේ වනුයේ පවත්නා සියලු නීතිරීති, සාරධර්ම, සංස්කෘතික හර පද්ධතීන් බිඳ දමමින් තම ගොඩ වැඩිකර ගැනීමට සෑම අපේක්ෂකයකුම පෙළඹෙන හෙයිනි. එය ජීවිත හානි, දේපල හානිවලට ඇරයුම් කිරීමක් බඳු වේ. රටේ සාමයට හා කීර්තියට ද හානිකර තත්ත්වයකි.
මේ අතර උතුරේ බෙදුම්වාදී යුද්ධයකට මැදිව, ප්රජාතන්ත්රවාදයේ හරය හා වටිනාකම් පිළිබඳව න්‍යායාත්මක හෝ ප්‍රායෝගික අවබෝධයකින් තොර තරුණ පරපුරට ප්රජාතන්ත්රවාදයේ වටිනාකම් අවබෝධ කර දීමට සිටින වැඩිහිටි පරපුර නියෝජනය කරන දෙමළ ජාතික සංධානය ප්‍රථම වරට උතුරේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින්, සිය මහ ඇමැති අපේක්ෂකයාත් නම් කරමින්, එහි ධන බලයට, මැර බලයට, දේශපාලන බලයට වඩා ප්රජාතන්ත්රවාදය, බුද්ධිය හා අවබෝධය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව ලොවට අනාවරණය කිරීමට සමත් විය.
දෙමළ ජාතික සංධානයේ මහ ඇමැති අපේක්ෂකත්වය එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිකයකු ද වූ මාවෙයි සේනාධිරාජා ඉල්ලා සිටි බව වාර්තා විණි. ඒ අතර දෙමළ සමාජය තුළ පමණක් නොව ශ්‍රී ලාංකීය සමාජය තුළත් විශේෂයෙන් නීති ක්ෂේත්රය තුළත් ගෞවරයට, සම්භාවනාවට පාත්රව සිටින හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතාට ඉදිරිපත් වන ලෙසට දෙමළ සමාජයේ බුද්ධිමතුන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් විණි. එම ඉල්ලීම් මත තමන් මහ ඇමැති අපේක්ෂකත්වය භාර ගැනීමට එකග වූ බවක් විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සංධානය එම යෝජිත නම් දෙක පිළිබඳවම අධ්‍යයනය කර අවසන විග්නේෂ්වරන් මහතාට අපේක්ෂකත්වය ලබා දීමට තීරණය කළේ දේශපාලන ක්ෂේත්රය ද වික්ෂිප්ත කරමිනි. එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ දෙමළ සංධානය වෙනුවෙන් ඇප කැපව දශක කිහිපයක් ක්‍රියාකාරී දේශපාලනය යෙදුණු මාවෙයි සේනාධිරාජාට අපේක්ෂකත්වය ලබා නොදී ක්‍රියාකාරී දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් වලින් තොර නීති ක්ෂේත්රයටම ඇප කැප ව සිටි විග්නේෂ්වරන් මහතාව තෝරා ගැනීමට දෙමළ සංධානය පෙළඹීම නිසාය.
එක් අතකට ගත් කල සේනාධිරාජා දෙමළ අන්තවාදී ආකල්ප දරණ, බෙදුම්වාදී කොටි සංවිධානය කෙරෙහි හැඟුම්බරව කටයුතු කරන, දෙමළ ඩයස්පෝරාව හා සබඳතා ඇති අයෙක් බවට ජාත්‍යන්තර මාධ්‍ය සනාථ කරයි. ඒ පිළිබඳව ඉන්දියාවේ පවා අවධානය යොමුව පවත්නා බවටත් සාධක පවතී. එහෙත් විග්නේෂ්වරන් මහතා බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි, උගත් දෙමළ සමාජයේ පමණක් නොව දකුණේ පවා ගෞරවයට පාත්‍ර වූ අයෙකි. ඔහු ප්රජාතන්ත්රවාදය කෙරෙහි විශ්වාසය තබා ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේත් දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසර ලාල් මහතාගේ සොයුරාගේ දියණිවරු හා විවාහ සබඳතා තුළින් දකුණේ සිංහල සමාජය සමගත්, දේශපාලනය සමගත් ඥාති සබඳතා ඇති කරගත් අයෙක් බවටත් ප්‍රචලිතය. එමෙන්ම දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනුමට ලක් වූ විද්වතෙකි.
ඒ අනුව දෙමළ සමාජය වෙනුවෙන් ප්‍රථම මහ ඇමැති ධූරයට තරග කිරීමට විග්නේෂ්වරන් වැනි පුද්ගලයෙකු තෝරා ගැනීමට පෙළඹීම එක් අතකට දකුණට ආශිර්වාදයකි. එම තේරීම දකුණට ආදර්ශයක් ද සපයනුයේ දකුණේ ආණ්ඩු පක්ෂය තෝරා ගන්නා අපේක්ෂකයින් දෙස බැලීමේදීය. නීතිය කෙරෙහි, ප්රජාතන්ත්රවාදය කෙරෙහි, මනුෂ්‍යත්වය කෙරෙහි, දැනුම කෙරෙහි, සිය සංස්කෘතිය කෙරෙහි පිළිගැනුමක්, ගරුත්වයක්, පෙළඹුමක් ඇති විග්නේෂවරන් වැනි ලාංකීය සිවිල් සමාජයේ බුහුමනට පාත්‍ර වූ විද්වතෙක් තෝරා ගැනීමට දෙමළ සමාජය පෙළඹීම තුළින් ඔවුන් ජාත්‍යන්තරයටත්, දේශීය සමාජයටත් කදිම පණිවුඩයක් ලබා දීමට සමත්ව තිබේ. දකුණේ පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍ය ධුරයන්ට ගෙවීගිය වසර 25 ඇතුළත දී ජාත්‍යන්තර පිළිගැනුමට ලක් වූ, ඉහත කී ගුණාංගවලින් කීපයක් හෝ සපුරා ඇති දේශපාලකයින් තෝරා ගැනීමට සමත්ව තිබේද යන්න සිතා බැලීම දකුණේ පක්ෂ, විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේත්, ඡන්ද දායකයින්ගේත් වගකීමක් මෙන්ම යුතුකමකි. මෙය එයට කදිම අවස්ථාවකි.
මාවෙයි සේනාධිරාජා වෙනුවට සී. වී. විග්නේෂ්වරන් මහඇමැති අපේක්ෂකත්වයට තෝරා ගැනීම දකුණට ආශිර්වාදයක් සේම ආදර්ශයක් ද වනුයේ එම පසුබිම තුළය. පළාත් පාලනය හෝ පළාත් සභා පාලනය යනු දැනුමෙන්, බුද්ධියෙන් ඉටු කළ යුතු සේවාවක්, රාජකාරියක් විනා මැර බලයෙන්, ධන බලයෙන් සිදු කළ නොහැක්කක් ය යන්න දෙමළ ජාතික සංධානය කදිමට අවබෝධ කරගෙන සිටින බවත්, දකුණට ආදර්ශයක් වනුයේ එය බවත් මෙහිලා සිහිපත් කළ යුතුය.
යහපත් දෑ කාගෙන් හෝ උකහා ගත්ත ද ඉන් අවැඩක්, අයහපතක් නම් නොවනු නිසැකය. එහෙත් දැනට මාධ්‍ය ඔස්සේ සිදු වන දෑ දෙස බලනවිට එවැන්නක් පිළිබඳ විශ්වාසය තැබීම පවා ප්රහේලිකාවකි. එහෙත් ධනාත්මකව සිතීම, අපේක්ෂා කිරීම වඩාත් වැදගත් වේය යන්න අපගේ බලවත් විශ්වාසයයි.