Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.


කිසියම් විශ්වවිද්‍යාලයකින් කෙනෙකු ලබන ඉහළම උපාධිය වන්නේ සාහිත්‍යසූරි සම්මාන උපාධියයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද එකී ඉහළම උපාධියෙන් පිදුම් ලබන්නේ දෙවැනි වරටයි. එය මෙම උපාධි ප්‍රදානයේ ඇති සුවිශේෂත්වය හා වැදගත්කමයි. අනෙක්‌ විශේෂ කරුණ වන්නේ මහාචාර්යවරයා එම උපාධිය සිය සේවා කාලය අතරතුරදී ලබා ගැනීමයි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ආචාර්යවරයකුට තම සේවා කාලයේදී සම්මාන සාහිත්‍යසූරී උපාධියක්‌ පරිනැමෙනුයේ ඉතා කලාතුරකිනි. මෙබඳු උපාධියකින් බොහෝ ආචාර්යවරුන් පිදුම් ලබන්නේ විශ්‍රාම සුවයෙන් කල්ගත කරන
අතරතුරදීය. මහාචාර්ය ආරියරත්නට සිය සේවා කාලයේදී දෙවරක්‌ම මේ සම්මානය ලැබීම අතිශය දුර්ලභ කරුණකි. මහාචාර්යවරයා අධ්‍යාපනය ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙකී දුර්ලභ කර්තව්‍යයට ප්‍රවේශවීමට පෙර ඒ සඳහා මූලිකත්වය දැරුවේ අපගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. ඒ 2011 වසරේදීය. 2011 දී එතුමාට ප්‍රථම සාහිත්‍යසූරී උපාධිය පිරිනමන ලද්දේ අප විසිනි. මහාචාර්යවරයා විසින් දශක ගණනාවක්‌ පුරා සිදුකරන ලද සේවය අගයමින් මෙම සම්මානය ප්‍රදානය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්‌ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨය, සනාතන සභාව සහ පාලක සභාව ක්‍රියා කිරීම ගැන ඔවුන්ට ද මෙරට සාහිත්‍ය කලා රසිකයන්ගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය සේවා කාලය තුළ මෙබඳු සම්මාන ද්විත්වයකින් පිදුම් ලබන්නේ මන්ද? ඊට හේතු කාරණා සාකච්ඡා කිරීම දීර්ඝ ලිපියකට අවකාශ සලසන බැවින් සැකෙවින් කළ හැකි ආවර්ජනා නම් මේවාය.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට පාත්‍ර වන්නේ පර්යේෂකයකු ලෙස මහාචාර්යවරයාගේ භුමිකාවයි. සිංහල බෞද්ධයකු වුවත් ඔහු වැඩි වශයෙන් යොමු වී ඇත්තේ දෙමළ, කතෝලික සාහිත්‍ය හා කලාව පිළිබඳ පර්යේෂණ කිරීමටයි. කලක්‌ තමිල්නාඩුවේ සිටියදී ලබාගත් දෙමළ දැනුමත් ක්‍රිස්‌තු චරිතය නමැති චිත්‍රපටයේ තිර රචනය කිරීමේදී හා අධ්‍යක්‍ෂණය කිරීමේදී ලබාගත් ක්‍රිස්‌තියානි සාහිත්‍ය දැනුමත් මීට හේතු වන්නට ඇත. දෙමළ සාහිත්‍ය ඉතිහාසය, දෙමළ චූල සාහිත්‍ය කෘති නාමකෝෂය, දෙමළ රාමායණය, දෙමළ බෞද්ධයා, දෙමළ ප්‍රස්‌තාව පිරුළු 1000 ක්‌ සිංහලෙන්, දෙමළ ජනකතා, තෙලිඟු ජනකතා, කන්න ජනකතා, මලයාලි ජනකතා වැනි කෘතීන් ද කැරොල් පසම් කන්තාරු, ජාකෝමේ ගොන්සාල්වෙස්‌ තෝරාගත් කෘති ආදී කෘති ද ඒ සඳහා නිදසුන්ය. දෙමළ සාහිත්‍යය වෙනුවෙන් කරන ලද සුවිශේෂී මෙහෙවර උදෙසා මහාචාර්යවරයා වෙත හින්දු සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් තමිල්මණී (දෙමළ සීනුව) ගෞරව නාමය සහ ස්‌වර්ණ මුද්‍රිකාව ද තරුණ හින්දු සංස්‌කෘතික සංගමය මගින් තමිල්මාමණී (දෙමළ මැණික) ගෞරව නාමය සහ ස්‌වර්ණ මුද්‍රිකාව ද ප්‍රදානය කෙරිණි. එමෙන්ම දෙමළ සංස්‌කෘතිය වෙනුවෙන් කළ මෙහෙය උදෙසා වාර්ෂිකව එක්‌ සිංහල ජාතිකයකුට පමණක්‌ ශ්‍රී ලාංකේය දෙමළ විද්වතුන් වෙතින් පිදෙන "කම්බන්" සම්මානය 2012 වසරේදී පිදුම් ලැබුවේ අප මහාචාර්යවරයාටය.

එසේම පැරණි කෘති සංරක්‍ෂණය කරමින් ඒ පිළිබඳ පර්යේෂණයේ නියෑළීම අනෙක්‌ විශේෂ කරුණයි. පුරාණ සිංහල නාඩගම් පිටපත් 1, 2, 3, 4, ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව 1, 2, 3, 4, සිරිසේන විමලවීරගේ ටීටර් නාට්‍ය 6 ක්‌ මානවසිංහ ගීත නිබන්ධ, මහින්ද ප්‍රබන්ධ එබඳු කෘති ලෙස හඳුන්වා දිය හැකිය. එතුමා විසින් රචිත මොහොමඩ් ගවුස්‌, බී. ඇස්‌. පෙරේරා, මුත්තුසාමි, රොක්‌සාමි, පී. ඇල්. ඒ. සෝමපාල යනාදීන් ගැන රචනා කරන ලද ගාන්ධර්ව අපදාන කෘති පෙළ ද අද සංගීතය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අත්පොත් බවට පත්ව තිබේ.

මෙරට විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රය තුළ සිටින සංගීතය නූගන්වන එහෙත් සංගීතය පිළිබඳ විශාරද ප්‍රථම පංති සාමාර්ථයක්‌ ලද ආචාර්යවරයකු ලෙස මහාචාර්ය ආරියරත්න හඳුන්වා දිය හැකිය. එනිසාම සංගීත පර්යේෂණ සම්බන්ධව ඔහු ලබාදී ඇති දායකත්වය සුළු කොට තැකිය හැකි නොවේ. කිසිවකුගේ අවධානයට පාත්‍ර නොවී ගර්හිත කලාවක්‌ ලෙස පසෙකලා තිබුණු විෂයයක්‌ අළලා 1985 දී "බයිලා කපිරිඤ්Æ විමර්ශනයක්‌" නමැති පර්යේෂණ කෘතිය සම්පාදනය කරමින් ද සංගීත ඉතිහාසයේ කිසිවකු හඳුනා නොගත් සංගීත යුගයක්‌ හඳුන්වා දෙමින් 1986 දී "ග්‍රැමෙµdaන් ගී යුගය" නම් පර්යේෂණ කෘතිය සම්පාදනය කරමින් ද ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනා ගත්තේය. සංගීත පර්යේෂණ ක්‍ෂේත්‍රයට කළ සේවය අගයනු පිණිස 1999 දී රාජ්‍ය සංගීත සම්මානය ද මහාචාර්යවරයා වෙත පිදිනි.

මෙසේ විවිධ ක්‍ෂේත්‍ර ඔස්‌සේ සිය දායකත්වය ලබාදුන් මහාචාර්ය සුනිල් ආරියරත්න මෙරට කලා සහෘද පිරිස අතරේ ජනාදරයට පත්ව ඇත්තේ නිර්මාණශීලී ගේය පද රචකයකු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සෙය. මහාචාර්යවරයා අතින් රචනා වූ ගේය පදමාලා දහස්‌ ගණනකි. ඔහු සම්මානිත චිත්‍රපට, ටෙලිනාට්‍ය ගීත රචකයෙකි. සරසවි සම්මානයෙන් අට වරක්‌ ද, ජනාධිපති සම්මානයෙන් සය වරක්‌ ද ස්‌වර්ණ ශංඛ සම්මානයෙන් දෙවරක්‌ ද චිත්‍රපට ගීත රචනය සඳහා ඔහු පිදුම් ලැබුවේය. එසේම ටෙලිනාට්‍ය ගීත රචනය සඳහා සුමති හා රයිගම් සම්මාන ද කිහිප වරක්‌aම ඔහු දිනා ගත්තේය. එසේම "මකරන්ද", "විසිතුරුය රෑ අහස" වැනි ගේය කාව්‍ය සංග්‍රහ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද මහාචාර්යවරයා හිමිකර ගත්තේය.

මහාචාර්ය ආරියරත්න විසින් අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව 19 කි. ඒ චිත්‍රපට ඔස්‌සේ වරෙක දක්‍ෂතම තිර නාටක රචකයා ලෙස ද, දක්‍ෂතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ලෙස ද, දක්‍ෂතම චිත්‍රපට නිෂ්පාදකවරයා ලෙස ද ජනාධිපති සම්මාන සහ සරසවි සම්මාන ඔහුට හිමිවිය. හැට පිරුණු සිංහල සිනමාවේ මෙතෙක්‌ තිරගත වූ චිත්‍රපට දහස්‌ ගණන අතරින් තෙවැනි දැවැන්ත ආදායම් වාර්තාව පිහිටුවා ඇත්තේ ඔහුගේ 19 වැනි චිත්‍රපටය වූ "කුසපබා"ය.

මෙරට සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඒ සා විශාල සම්ප්‍රදානයක්‌ සිදුකර ඇති මහාචාර්ය ආරියරත්නයන් සම්මාන සාහිත්‍යසූරී උපාධියෙන් පිදුම් ලබන මේ මොහොතේ අපි ද එතුමාට සුබ පතමු.

මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, පීඨාධිපති, නර්තන හා නාට්‍ය කලා පීඨය