Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක පොට්‌ට නවුෆර් යෑයි කියමින් පිටකොටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයන්ට දුරකථනයෙන් කතා කර පවුල් පිටින් මරාදමන බවට තර්ජනය කරමින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන ඇති සංවිධානාත්මක කල්ලියක්‌ පිළිබඳ තොරතුරු හෙළිකරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ තරුණියක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් තිදෙනකු විසින් මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.



මාස 7 කට ආසන්න කාලයක සිට මෙම කප්පම් කල්ලිය පිටකොටුව ප්‍රදේශයේ මුස්‌ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන්ට දුරකථනවලින් කතා කර ඔවුන්ගේ පවුල් පිටින් විනාශ කරන බව කියමින් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඇත.

පොට්‌ට නවුෆර් නමැති පාතාල නායකයාට දැක්‌වූ බිය නිසා මෙම ව්‍යාපාරිකයන් කිසිවකු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකර ඔවුන්ට මුදල් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් පිටකොටුවේ ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ ආරම්භ කළ පොලිස්‌ පරීක්‍ෂක කේ. එල් එස්‌. ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් මෙම කල්ලියට සම්බන්ධ 16 හැවිරිදි තරුණියක ගාල්ල උඩුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඇගේ පෙම්වතා යෑයි කියන පුද්ගලයකුගේ උපදෙස්‌ මත මෙම කප්පම් කල්ලියට සම්බන්ධ වූ බවයි.

මෙම තරුණියගේ පෙම්වතා වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටින පුද්ගලයකු බවද අනාවරණය වී තිබේ. තරුණිය පවසා ඇත්තේ තම පෙම්වතා දුරකථන මාර්ගයෙන් දැන හඳුනාගත් බවත් කිසිදිනක ඔහු දැක නැති බවත්ය.

මෙම කප්පම් කල්ලිය පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් බැර කිරීමට ලබා දෙන්නේ ගාල්ල උඩුගම පදිංචි තරුණියගේ බැංකු ගිණුම් අංකයකි.

එසේ තම ගිණුමට ලැබෙන මුදල්වලින් කොටසක්‌ ඇය තම ප්‍රයෝජනයට ලබාගෙන ඉතිරි මුදල් කප්පම් කල්ලි නායකයා වන ඇගේ පෙම්වතා වෙත ලබා දීමට කටයුතු කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම කප්පම් කල්ලිය දිගින් දිගටම ව්‍යාපාරිකයන්ට තර්ජනය කර ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මොහොමඩ් නියාස්‌ නවුෆර් නොහොත් පොට්‌ට නවුෆර්ගේ නමින්ය.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පොට්‌ට නවුෆර් මේ වන විට බන්ධනාගාරගතව සිටියි.

නවුෆර්ගේ නමින් කප්පම් ලබා ගත් සංවිධානාත්මක කල්ලිය ඒ සඳහා ජංගම දුරකථන කාඩ්පත් කීපයක්‌ පමණ පාවිච්චි කර ඇති බවද හෙළි වී තිබේ. මොවුන් බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇති අතර ඒ සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

මෙම කප්පම් කල්ලියට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය කටයුතු කරමින් සිටියි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක කේ. එල්. එස්‌. ප්‍රේමතිලක, තුෂාර පෙරේරා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.