Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

ලංගමයෙන් අමතර බස්‌ 1000 ක්‌ දමයි
දකුණ නුවරඑළිය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ වර්ජනයට නැහැ

අකිත පෙරේරා

බස්‌ ගාස්‌තුව ඉහළ නොදැමීම නිසා ඊයේ (10 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කළ බස්‌ වර්ජනයට මුහුණදීම සඳහා ලංගම බස්‌ රථ 1000 ක්‌ පමණ අමතරව යෙදවූ බව ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

අවස්‌ථා කිහිපයකදී බස්‌ ගාස්‌තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව මෙවර ගාස්‌තුව ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හෝ ඊට නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා මෙලෙස වැඩ වර්ජනය කිරීමට සිදු වූ බව පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (10 වැනිදා) සවස මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම වර්ජනය නීත්‍යනුකූල බව ද කී ඒ මහතා බස්‌ කර්මාන්තයෙන් යෑපෙන්නන් ගේ ජීවිත වෙනුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව ද සඳහන් කළේය.

මේ අතර එක්‌ පෞද්ගලික බස්‌ සංගමයක්‌ හැර අනෙක්‌ සියලුම බස්‌ සංගම් සහ සමාගම් අද දිනයේදී සුපුරුදු පරිදි බස්‌ රථ ධාවනය කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා 'දිවයින' ට පැවැසීය.

බස්‌ හිමියන් වෙත සහන ලබා දීමට රජය තීරණය කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයක්‌ කිරීම අසාධාරණ බව ද ඇමැතිවරයා කීය.

මේ අතර අනෙක්‌ ප්‍රධාන බස්‌ සංගමය වන සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය මෙම වැඩ වර්ජනයට සහභාගි වන්නේ ද යන්න පිළිබඳව ඊයේ සවස්‌ වන තුරුත් තීරණයක්‌ කර නොතිබූ නමුත් ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

කෙසේ වෙතත් ඊට පෙර දිනයේදී (09 දා) එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා 'දිවයින' ට කියා සිටියේ තමන් වැඩ වර්ජනයට අකුල් නොහෙළන බවයි.

මේ අතර අදාළ වර්ජනය සඳහා කිසිදු සහයෝගයක්‌ නොදක්‌වන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ඊයේ නාරාහේන්පිටදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

බස්‌හිමියන්ට පවතින ගැටලු සාකච්ඡා කොට විසඳිය හැකි ඒවා බැවින් වර්ජනයක්‌ අනවශ්‍ය බව ද හෙතෙම කීය. තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟÊසාකච්ඡා කළ බවත්, එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බව ද ඒ මහතා සඳහන් කළේය.

කාලසටහනක්‌ අනුව බස්‌ ධාවනය කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම සහ ලීසිං ලබා ගැනීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටුවනු ඇතැයි තමනට විශ්වාස බව ද සරත් විජිත කුමාර මහතා වැඩිදුරටත් කීය.

මේ අතර සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ රථ මඟීන්ගේ සංගමය විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ සහන ලබාදීමට රජය සූදානම්ව සිටිද්දී බස්‌ ගාස්‌තු ඉහළ දැමීමට ඉල්ලීම අතිශයින් අසාධාරණ බව ය.

අහිංසක මඟීන් ඇපයට තබා ගැමුණු විඡේරත්න මහතා විසින් වැඩ වර්ජනයක්‌ කැඳවීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එහි සඳහන් වේ.

මේ අතර දකුණු පළාතේ කිසිදු බස්‌ සංගමයක්‌ වර්ජනයට සහභාගි නොවන බව කියා සිටියේය. නුවරඑළිය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල පෞද්ගලික බස්‌ සමාගම් ද වර්ජනයට දායක නොවන බව කියා සිටියහ.

පසුබිම් වාර්තා