වාස් යළි රිමාන්ඩ්
පුතාත් අත්අඩංගුවට ගන්නා බව සීඅයිඩිය උසාවියට දන්වයි
සමන්ත ඉලේපෙරුම
රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ
ගුණවර්ධන මහතා නැවත බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු. ඡායාරූපය -
කමල් බෝගොඩ
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්
වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්
ගුණවර්ධනගේ පුත් රවිඳු වාස් ගුණවර්ධනද සැකකරුවකු ලෙස
අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ
දෙපාර්තමේන්තුව ඊයේ (9 වැනිදා) අධිකරණයට දන්වා සිටියේය.
මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු
නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන ලබන 19 දා තෙක් තවදුරටත්
රක්‍ෂිත බන්ධනාdගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ.
එම්. සහබ්දීන් මහතා ඊයේ (9 දා) නියෝග කළේය.
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත්
කළ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටි
කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග
කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්.
සහබ්දීන් මහතා හමුවේ කැඳවූ අවස්‌ථාවේදී සැකකාර හිටපු නියෝජ්‍ය
පොලිස්‌පතිවරයාගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට
ඔවුන්ගේ නිවසට ගිය විමර්ශන නිලධාරීන්ට සැකකරුගේ බිරිඳ ශ්‍යාමලී
ප්‍රියදර්ශනී නමැත්තිය කලහකාරී ලෙස හැසිරී බාධාකර ඇති බවද
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උසාවියට දැනුම් දුන්නේය.
පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා බන්ධනාගාර නිලධාරීන්
විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ
ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා සමග එක්‌වූ
සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වැඩිදුර වාර්තා මගින්
කරුණු දක්‌වමින් මියගිය අය පැහැරගෙන ගිය රථයේ තිබූ රුධිර
පැල්ලම් මිනිස් රුධිරය බවට වාර්තාවී ඇති බැවින් එම රුධිර
පැල්ලම් හා මියගිය අයගෙන් ලබාගෙන ඇති රුධිර ආදර්ශක සමග සස¹
ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත්
සිද්ධියට අදාළව පවත්වන විමර්ශනයේදී හෙළිවූ කරුණු අනුව හිටපු
නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන නමැති
අයව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්
පැවැසුවේය.
රවිඳු ගුණවර්ධනගේ පෙම්වතිය පදිංචි වත්තල හැඳල මරදාන පාරේ
පිහිටි නිවසක්‌ද පරීක්‍ෂාවට ලක් කළ අතර මේ වන තෙක් ඔහු
අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඉදිරියේදී ඔහු
අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවත් ශානි අබේසේකර මහතා කියා
සිටියේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා
තබාගෙන සිටින සැකකරුවන් හා රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු
නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ බිරිඳ හා අනුරාධ එදිරිසිංහ යන අය
භාවිත කළ ජංගම දුරකථන 11 ක් සම්බන්ධයෙන් සැකකාර නියෝජ්‍ය
පොලිස්‌පතිවරයා දුරකථන ඇමැතුම් වාර්තාවක් ලබාගෙන ඇති බවට
විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණය
හමුවේ විභාග වන කොල්ලකෑමේ නඩුවකට අවශ්‍ය බවට ව්‍යාජ තොරතුරු
ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත මෙම ඇමැතුම් වාර්තා ලබාගෙන
ඇති බවත් පැවසූ සහකාර පොලිස් අධිකාරීවරයා මෙම ක්‍රියාව සඳහා
පොලිස් පරීක්‍ෂකවරුන් වන හරිස්‌චන්ද්‍ර හා සමරසිංහ නමැති
නිලධාරීන් සම්බන්ධවී ඇති බවත් සැකකාර නියෝජ්‍ය
පොලිස්‌පතිවරයාගේ ඉල්ලීමකට ඔවුන් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර
ඔවුන්ගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගත් බව පැවසුවේය.
රැඳවුම් නියෝග මත සිටින උප පොලිස් පරීක්‍ෂක බමුණුසිංහ නමැති
සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී පතරොම් ගැබක් හා
උණ්‌ඩ 10 ක් සොයා ගත් බව පැවසූ අබේසේකර මහතා රංගන දිසානායක
නමැති සැකකරුගේ නිවෙස් තිබී ඇඳුම් තොගයක් සොයා ගත් බව කියා
සිටියේය.
විමර්ශන නීති දෙකක් යටතේ
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා කරුණු
දක්‌වමින් මේ වනවිට මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනෙක්
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඇති බවත් අපරාධ නඩු විධාන
සංග්‍රහය යටතේ ආරම්භ කරන්නට වූ මෙම විමර්ශනය මේ වනවිට
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ පවත්වාගෙන යන බවත් කියා
සිටියේය.
විමර්ශනයේදී මෙම නීති දෙකම බද්ධකොටගෙන සිදු කළ නොහැකි බව
පෙන්වා දුන් සෙනෙවිරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව
මෙහි විමර්ශන කටයුතු මෙලෙස නීති දෙකක් යටතේ පැවැත්වීම නීති
විරෝධී බවත් කියා සිටියේය.
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා තබාගෙන අපරාධ නඩු
විධාන සංග්‍රහය යටතේ ප්‍රකාශ සටහන් කර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න
කළ නීතිඥවරයා මෙහි විමර්ශන සිදුවන්නේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ
පනත යටතේ නම් සැකකරුවන් මහෙස්‌ත්‍රාත්වරයා වෙත කළ ප්‍රකාශ
නීත්‍යානුකූල ඒවා ලෙස පිළිගත නොහැකි බව කියා සිටියේය.
නීතියට පටහැනි ලෙස ප්‍රකාශ සටහන් කරගෙන රැඳවුම් නියෝග මත රඳවා
තබා ගැනීම නීති විරෝධී හෙයින් සැකකරුවන් රැඳවුම් නියෝගවලින්
මුදා හැර රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද සෙනවිරත්න මහතා ඉල්ලා
සිටියේය.
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන වෙනුවෙන්
පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීති දෙකක් පරස්‌පර ලෙසින් යොදාගෙන
මෙහි විමර්ශන පවත්වන්නේ ඔවුන්ට අවශ්‍ය අයුරින් සාක්‌ෂි
නිෂ්පාදනය කර ගැනීමට බවත් සැකකරුවන්ට සාධාරණ යුක්‌තිසහගත
විමර්ශනයක් සිදුවී නැති බවත් කියා සිටියේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය
පොලිස්‌පතිවරයාගේ පවුලේ අයට දිගින් දිගටම හිරිහැර සිදුකරන බවත්
විමර්ශනයට අවශ්‍ය නම් සැකකරුගේ පුත් රවිඳු උසාවිය වෙත ඉදිරිපත්
කිරීමට පියවර ගත හැකි බවත් පතිරණ මහතා කියා සිටියේය.
මියගිය අයගේ පවුලේ උදවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි
නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්‌ස මහතා කරුණු දක්‌වමින් මෙම
විමර්ශනයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට
නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි
ඉල්ලා සිටියේය.
බලපෑම් වැඩි වෙනවා
- සහකාර පොලිස් අධිකාරි
එහිදී පැමිණිල්ල වෙනුවෙන් යළි කරුණු දැක්‌වූ සහකාර පොලිස්
අධිකාරි ශානි අබේසේකර මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින
සැකකරුවන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් කර ඇත්තේ රාජ්‍ය ආරක්‌ෂක
ඇමැතිවරයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම
රැඳවුම් නියෝගවල පිටපත් උසාවිය වෙත ගොනු කොට ඇති බවත් කියා
සිටියේය.
මෙම විමර්ශනයේදී තමන් වෙත එල්ල වන බලපෑම් වැඩිවන්නට වී ඇති බව
ද කියා සිටි අබේසේකර මහතා කටඋත්තර දීමට නිල ඇඳුමින් සැරසී
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සැකකාර හිටපු
නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තමන්ට එල්ල කළ තර්ජනය නොතකා හැරිය
හැකි එකක් නොවන බව කියා සිටියේය.
සැකකරුගේ බිරිඳ උසාවිය වෙත පැමිණ පූස් පැටියෙක් ලෙස සිටියත්
විමර්ශන කණ්‌ඩායම් ගියවිටදී සැබෑ තත්ත්වය පෙන්නුම් කරන බව
පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා විමර්ශනයේදී ත්‍රස්‌තවාදය
වැළැක්‌වීමේ පනත හා අපරාධ නඩු විභාග සංග්‍රහය යටතේ කටයුතු
කිරීම පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගෙන ඉදිරියේදී දැනුම් දෙන
බවත් කියා සිටියේය.
ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිළිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලබන 19 දා තෙක් රක්‌ෂිත
බන්ධනාගාර ගත කර තබන ලෙසත් එදිනට විත්තිය මතුකළ විරෝධතාව
පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.