Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.


ඩෙංගු මඬින ප්‍රත්‍යක්‍ෂ ඔසුව ගැන සෞඛ්‍ය බලධාරීන් නිහඬ ඇයි?

මාරාන්තික ඩෙංගු රක්‌තපාතය මර්දනය කිරීම උදෙසා බලධාරීන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද එය ඩෙංගු මදුරුවාට දැනුණු බවක්‌ අද වන විට නොපෙනේ.

මේ වන විට දිස්‌ත්‍රික්‌ක ගණනාවක ප්‍රදේශ රැසක්‌ ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් ජනතාව සහභාගි කර ගනිමින් මදුරු මර්දන ක්‍රියාදාමයන් රැසක්‌ ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන බව පෙනේ.



එදා පිරිසිදු ජලයෙන් සිය පරපුර පෝෂණය කළ ඩෙංගු මදුරුවා මේ වන විට විවිධ අනුවර්තනයන්ට ලක්‌වෙමින් අපජලය තුළ පවා සිය පරපුර පෝෂණය කරන්නට සමත්ව තිබේ.

මදුරු මර්දන උපකාරකයක්‌ ලෙස රජය බී. ටී. අයි. බැක්‌ටීරියාව ආනයනය කළ ද නිලධාරිවාදයට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යට වීම නිසා බී. ටී. අයි. බැක්‌ටීරියාව පවා ඩෙංගු මර්දනයට ප්‍රමාණවත්ව යොදාගෙන ඇති බවක්‌ වාර්තා නොවේ.

මේ සියලු තත්ත්වයන් තුළ මෙයට දෙවසරකට ඉහතදී දකුණේ ආයුර්වේද වෛද්‍යවරියක්‌ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස ඩෙංගු වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කළ හැකි ඖෂධයක්‌ සොයා ගත්තාය.

ඇය අම්බලන්ගොඩ අලුත්වල පෙරුමානගොඩ පදිංචි තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියයි.

එහෙත් ඇය සොයාගත් මරණාසන්න ඩෙංගු රෝගියකුගේ දිවි ගලවන මෙම අමිල ඖෂධය සෞඛ්‍ය අංශ බලධාරීන් මෙතෙක්‌ නිසි ලෙස ඇගැයුමකට භාජනය කළ බවක්‌ නොපෙනේ.

වෛද්‍ය තරංගා කුමාරි ඩෙංගු ඖෂධය වෙනුවෙන් මේ වන විට පේටන්ට්‌ බලපත්‍රය පවා ලබාගෙන ඇති අතර ඇයගේ සොයා ගැනීම මෙයට මාස හයකට පමණ ඉහතදී දේශීය වෛද්‍ය අමාත්‍යවරයා මහත් අභිමානයෙන් යුතුව පාර්ලිමේන්තුවට හෙළි කළ අයුරු අපට මතකය.

එහෙත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හෝ වේවා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වේවා ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩිවී ඇති මේ කාලවකවානුව තුළ වෛද්‍ය තරංගා කුමාරිගේ ඖෂධය රෝගී ජනතාව අතරට ගෙන යන්නට අමාත්‍යාංශ මට්‌ටමේ උනන්දුවක්‌ දක්‌වා ඇති බවක්‌ නොපෙනේ.

එනමුත් වෛද්‍ය තරංගා කුමාරිගේ ඩෙංගු ඖෂධයේ පිහිටෙන් මේ වන විට ඩෙංගු හෝ ඩෙංගු රක්‌තපාත තත්ත්වයේ සිටි රෝගීන් 5000 - 7000 ත් අතර පිරිසක්‌ සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඇය සොයාගත් ඩෙංගු ඖෂධය මුල් අවස්‌ථාවේ කුඩක්‌ ලෙස රෝගීන් වෙත ලබා දුන්නද වර්තමානයේ එය රෝගියාගේ පහසුව සඳහා මිලිලීටර් 450 ක දියරයක්‌ ලෙස නිෂ්පාදනය කෙරේ.

එම ඖෂධයට කල් තබා ගැනීමේ සංඝටක යොදා නොමැති බැවින් එය දින තුනක්‌ ඇතුළත රෝගියාට ලබාදිය යුතු බව වෛද්‍ය තරංගා පවසන්නීය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් අංක 01රැ01රැAFරැ12රැ425 යටතේ වෛද්‍ය තරංගා ගේ ඩෙංගු ඖෂධය ලියාපදිංචි කර ඇති බව පවසන ඇය සිය ඖෂධය නිපදවීම සඳහා දේශීයව පරිසරයේ වැඩෙන ශාකවර්ග දහයක කොටස්‌ විවිධ ප්‍රමාණයන්ගෙන් යොදාගත් බව කියන්නීය.

බටහිර මතවාදීන් මෙම ඩෙංගු ඖෂධය හෙළා දකිමින් එය පැපොල් ශාකයේ කිරිවලින් හෝ පැපොල් කොළවලින් නිපදවන්නක්‌a බවට කරන චෝදනාව ගැන ලියුම්කරු මතු කළ ප්‍රශ්නයට වෛද්‍ය තරංගා නොපැකිලිව මෙසේ පිළිතුරු බැන්දාය.

"පළමුවෙන්ම කියන්න ඕනේ මා සොයාගත් අදටත් සාර්ථකව රෝගීන්ට ලබාදෙන ඩෙංගු ඖෂධයට පැපොල් ශාකයේ කිරිවත්, කොළවත්, කඳවත් යොදාගන්නේ නැහැ. පැපොල්වලින් ඩෙංගු රෝගය මර්දනය කළ හැකි නම් මේ ලෝකේ කිසිම කෙනකුට අමුතුවෙන් ඩෙංගුවලට බියක්‌ ඇතිකර ගන්න අවශ්‍ය නැහැනේ.

බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබා දෙන්නේ රෝග ලක්‍ෂණවලට. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට. ආයුර්වේද ශාස්‌ත්‍රය අනුව විෂබීජ මර්දනය කළ හැකි ද්‍රව්‍ය ගැන කියෑවෙනවා. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවත එන ගහකොළ යොදා ගෙන තමයි එදා ඉඳන් ලෙඩවලට ප්‍රතිකාර කළේ. අදටත් ආයුර්වේදයේ පාවිච්චි කරන්නේ අතීතයේ මිනිස්‌සු පාවිච්චි කළ පොළවේ වැවෙන ගහකොළවල කොටස්‌. අද අපි කරන්නේ ඒවායේ විවිධ සංයෝගවලින් විවිධ රෝග සඳහා ඖෂධ නිපදවාගන්නා එකයි.

මගේ තාත්තා ලාල් වික්‍රමසූරිය. මේ ප්‍රදේශයේ ඉන්න සර්ප විෂ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඔහු ලෙඩුන්ට ප්‍රතිකාර කරන්නේ පරිසරයේ වැවෙන ගහකොළවල කොටස්‌වලින්. පැපොල් කිරි එතැනදී යොදාගන්නවා දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීමට. සර්ප විෂට පැපොල් යොදා ගත්තාට ඩෙංගු රෝගයට පැපොල් හරියන්නේ නැහැ."

ආයුර්වේදය ඉගෙන ගෙන තවමත් ආයුර්වේද ශාස්‌ත්‍රය ඇසුරින් රෝග නිධාන සඳහා පර්යේෂණවල නියෑළෙන වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ හිඳගෙන (හෙළ වෙදකම) ජනතාව සුවපත් කරන්නීය.

ඇය වෙතින් මේ වන විට කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවර, බදුල්ල බණ්‌ඩාරවෙල, අම්පාර හා වෙන්නප්පුව වැනි ප්‍රදේශවලින් පවා පැමිණි ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබා ඇත.

රජය, පළාත් සභාව හෝ ආයුර්වේදය ඩෙංගු මඬින්නට විවිධ වැඩසටහන් දියත් කළ ද ඩෙංගු රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට නිවැරැදි හා ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ ආයුර්වේදයේ ඇති බව කියන්නට එම ආයතන ත්‍රිත්වය තවමත් මැළිවීම පුදුම උපදවන සුලුය. එහෙත් මේ දේශීය ඖෂධය වෙනත් රටක නිපද වූයේ නම් අපේ රටේ ඩෙංගු මඬින්නට එම ඖෂධය හැරෙන තැපෑලෙන් ගෙන්වා ගන්නට නම් අපේ නිලධාරීන් පසුබට නොවනු ඇත.

ඩෙංගු රෝගයට මුහුණ දෙන අය වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම වගකිවයුතු මේ රටේ සෞඛ්‍ය බලධාරීන් මෙතෙක්‌ මුනිවත රැක්‌කත් වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය අද මෙන්ම හෙට දවසෙත් විසිහතර පැය පුරාම ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කැපවී සිටී. ලියුකේමියාව, කොළෙස්‌ටරෝල් හා ආතරයිටීස්‌ වැනි රෝග පාලනය සඳහා ද වෛද්‍ය තරංගා කුමාරි විශේෂඥතාවක්‌ දක්‌වයි. එවැනි අවශ්‍යතා ඇති රෝගීන්හට සෙනසුරාදා, ඉරිදා දෙදින තුළ අලුත්වල වෙදගෙදරදී වෛද්‍යතුමිය හමුවීමට හැකිය. දුරකථන අංකය - 091-7914202, 071-4845335.