Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

'බීමත්ව හැසිරුණු' රමිත් රඹුක්වැල්ලට එරෙහිව පරීක්ෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 2 අඟහරුවාදා - 11:22 GMT
Ramith Rambukwella
ගුවන් මගියා බීමත්ව සිටියේ යයි විශ්වාස කරන බව ගුවන් සේවය පවසයි
ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානයකින් බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් සිටියදී වැසිකිලියේ දොර බව සිතා එම ක්‍රීඩකයා යානයේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යානයේ මගීන් තැතිගැනුණු බව ලන්ඩනයේ පළ වන ඩේලි මේල් පත්‍රය වාර්තා කොට තිබිණ.
සිද්ධිය පිළිබඳව කණ්ඩායමේ කළමනාකරු ජයන්ත සෙනවිරත්න තමන්ට වාර්තාවක් භාර දුන් බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජුනි 30 වැනි දින මධ්‍යම රාත්‍රියේ රමිත් රඹුක්වැල්ල ගුවන් යානයේ වැසිකිලිය භාවිත කිරීමට තැත් කළ අවස්ථාවේ යානයේ තිබූ මඳ ආලෝකය හේතුවෙන් ඔහු වැසිකිලියේ දොර වෙනුවට යානයේ දොර විවෘත කිරීමට උත්සාහ කළැයි වාර්තාවේ සඳහන් වන බවත් ප්‍රකාශ කරයි.
ඒ පිළිබඳව බීබීසීයට අදහස් දැක්වූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක්, සිදුවීම සනාථ කළ අතර ගුවන් මගියා බීමත්ව සිටි බව තම විශ්වාසය බව ද සඳහන් කළේය.
සිදුවීම නිසා ගුවන් යානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවූ බව පැවසූ ගුවන් සේවයේ ප්‍රකාශකයා, මගියාගේ නම හෝ ජාතිකත්වය හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.
අදාළ චෝදනාවට රමිත් රඹුක්වැල්ල වරදකරු වුවහොත් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.