කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් දිගටම අල්ලස් අරගෙන - ක්‍රීඩා ඇමති
අවසාන යාවත්කාලීන කිරීම : 2013 ජූලි 9 අඟහරුවාදා - 13:05 GMT
කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී යන්නේ යයි අමාත්‍යවරයා පවසයි
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්
කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී
යන්නේ යයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ කණ්ඩායමේ කළමනාකාර ඒආර්එම් අරූස් තමන්ගෙන් අල්ලස් ලබා ගත් බවට කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
ව සම්බන්ධයෙන් පැවැත්වෙන
පරීක්ෂණයේදී ඔහු වැරදිකරු බව නිගමනය කෙරුනොත් ඔහුට එරෙහිව සියලු
නීත්‍යානුකූල පියවර ගන්නා බවයි, ඇමතිවරයා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය
සමයේ නායිකා සිරිවර්ධන තමන්ට මුදලක් ලබා දුන් බව ඩේලි මිරර් පත්‍රයට පවසා
තිබූ කළමනාකාර අරූස්, කෙසේ නමුත් එය අල්ලසක් නොවන බව අවධාරණය කොට තිබිණ.රමිත් රඹුක්වැල්ල
ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තුරු ඔහු විනිසුරු කමිටුවේ සභාපති පදවියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
'සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ'
මේ අතර ලන්ඩනය බලා යාත්‍රා කරමින් තිබුණු බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක දොර විවෘත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයාට බීමතින් හැසිරීමේ චෝදනාවක් එල්ල වී නොමැති බවයි.
කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ගුවන් මගියා බීමත්ව සිටි බව තම විශ්වාසය බවයි.
"ඔහු කුඩා වයින් බෝතලයක් හෝ දෙකක් බීපු බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ," යනුවෙන් ද අමාත්‍ය අලුත්ගමගේ සංදේශයට පැවසීය.
පාසල් වියේදී රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව චෝදනාවක් එල්ල වූ අවස්ථාවේ එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු බව පවසන අමාත්‍යවරයා, මේ වතාවේ ඔහු වරදක් කොට තිබෙන බවට අදාළ පරීක්ෂණයේදී සනාථ වන්නේ නම් ඔහුට දඬුවම් කිරීමට පසුබට නොවන බව අවධාරණය කරයි.