Gossip Lankasinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9

Latest Gossip Lanka News from Sinhala Sri Lankasinhala hot gossip,gossip lanka hot news,gossip 9 lanka news, lanka e gossip,sinhala gossip, hot gossip,lanka gossip, sinhala gossip,sinhala wal katha,sinhala news,sinhala gossip info,sinhala google, gossip lanka hot news, sinhala gossip sites,gossip lanka hot news sinhala,gossip lanka 9,hot sri lankan gossips,gossip9 lanka,lankawe school kello,cricinfo,lakbima,sinhala news paper,lanka e news,sinhala gossip blog,Gossip Anarkali,gosip,wes kello,badu,sexy,

Experts Note

Hide My Ass

Powered by Blogger.

ගැමුණු විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද ඒකපාර්ශ්වික බස්‌ වර්ජනය ඊයේ (11 දා) පැය කීපයකට පමණක්‌ සීමා විය.
බස්‌ ගාස්‌තුව ඉහළ දමා ගැනීමේ අරමුණින් ගැමුණු විඡේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද ඒකපාර්ශ්වික බස්‌ වර්ජනය ඊයේ (11 දා) පැය කීපයකට පමණක්‌ සීමා විය. එම සංගමය විසින් පෙරේදා (10 දා) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වර්ජනය ඊයේ පෙරවරු 9.30 ට අවසන් කිරීමට එම සංගමයට සිදුවිය.

ඉන්ධන මිල ඉහළයැම සහ අනෙකුත් ධාවන පිරිවැය ඉහළ යැම මත මෙවර බස්‌ ගාස්‌තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තියට අනුව 6.2% ක ප්‍රතිශතයකින් වැඩි වීමට නියමිතව තිබිණි. නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද එම 6.2% වැඩිවීම ලංකා පෞද්ගලික බස්‌ සංගමය විසින් ප්‍රතික්‌ෂේප කළ අතර ගාස්‌තුව 10% කින්වත් වැඩිවිය යුතු යෑයි එහි සභාපති ගැමුණු විඡේරත්න මහතා තරයේ කියා සිටියේය.

මෙම මස 01 වෙනිදා පටන් බස්‌ ගාස්‌තුව ඉහළ දැමිය යුතු වුවද එය මෙතෙක්‌ සිදු නොවූ බැවින් ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය විසින් බස්‌ වර්ජනයක්‌ ප්‍රකාශයට පත් කරන ලදී.

එම වර්ජනයට අනෙක්‌ බස්‌ සංගම් වන සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමය සහ තවත් බස්‌ සමාගම් රැසක්‌ දායක වූයේ නැත

ශ්‍රී ලංගම සහ දුම්රිය සේවාද පෞද්ගලික බස්‌ වර්ජනය සිදුවූ ඊයේ උදේ කිසිදු අඩුවකින් තොරව ධාවනය කිරීම සහ අනෙකුත් පෞද්ගලික බස්‌ සංගම්ද මැලි නොවී බස්‌ රථ ධාවනය කිරීම නිසා ඊයේ පෞද්ගලික බස්‌ වර්ජනය අසාර්ථක විය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත් මගීන් බස්‌ වර්ජනයෙන්ද බැට කන්නට සිදු වෙතැයි සිතීම නිසා වෙනදාට වඩා මගීන්ගේ අඩුවක්‌ දක්‌නට ලැබුණි. එහෙත් සුපුරුදු පරිදි බස්‌ ධාවනයේ නිරතවනු දක්‌නට ලැබිණි.

එහෙත් ගැමුණු විඡේරත්න මහතාගේ සංගමයේ අණසකට යටත්ව පවතින මාර්ග කිහිපයක පමණක්‌ බස්‌ රථ අඩුවක්‌ දක්‌aනට ලැබුණු බව මගීහු පැවසූහ. වර්ජනයක්‌ නොකොට ගාස්‌තුව ඉහළ දමාගත නොහැකියි යන තීරණයේ දැඩිව පිහිටා ආරම්භ කරන ලද එම වර්ජනය ඊයේ පෙරවරු 9.30 න් අවසන් කරන බව ගැමුණු විඡේරත්න මහතා ඊයේ පෙරවරු 09 ට පමණ "දිවයින"ට පැවසීය.